ගෑස් උදුන හා සිලින්ඩරය පරිහරණයට පෙර කියවන්න..

ගෑස් සිලින්ඩර් එකක් නැති ගෙයක් අද හොයාගන්න වත් නැහැ .ඒ මගින් අපේ කාලේ ශ්‍රමය ශ්‍රමය බොහොමයක් ඉතුරු වෙනවා. එහෙත් ගෑස් භාවිතයේදී අප ආරක්ෂාව ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි .
ගෑස් සිලින්ඩර් භාවිතයේදී නිතර විවිධ අනතුරු සිදු වෙනවා. ඒවා ගෙන් ආරක්ෂා වෙන්න අප දැනගෙන සිටිය යුතුමයි.

ගෑස් කාන්දු වීම් හඳුනාගත් අවස්ථාවකදී …

  1. සිලින්ඩරයේ හෝ මීටරයේ ගෑස් සවි කරන කරාමය වසා තබන්න .
  2. මුළුතැන්ගෙයි දොරටු සහ ජනේල හොඳින් විවෘත කරන්න .
  3. ගින්දර දල්වන්න එපා.
  4. විශේෂයෙන් ම විදුලි බල්බ දැල්වීමෙන් වළකින්න.
  5. ප්‍රධාන විදුලි පරිපථය විසන්ධි කර තබන්න.

 

ගෑස් භාවිතා කිරීමේ දී ….

  1. ඔබ කහ පැහැති හෝ තැඹිලි පැහැති ගිනිදැල් ගැන අවධානය යොමු කරන්න .
  2. කිසියම් දුර්ගන්ධයක් ඇත් නම් ඒ ගැන සැලකිලිමත් වන්න.
  3. හඳුනාගත නොහැකි කරකැවිල්ලක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් ගෑස් කාන්දුවක්  ඇත්දැයි පරික්ෂා කර බලන්න.
  4. කුඩා දරුවන් ගෑස් උදුනෙන් ඈත් කර තබන්න.
  5. මසකට වරක් උපාංග පරීක්ෂා කර බලන්න .
  6. සැම විටම සිලින්ඩරය උඩු අතට පමණක් සිටුවා තබන්න.
  7. හදිසි ගිනි ගැනීමකදී කළ යුතු දේ පිළිබඳ පෙර සූදානමකින් සිටින්න.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles