පොඩිත්තන්ට රස කෑම – 1

එකම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නෙ ඉතාමත්ම නරක බලපෑමක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩන්ව අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.

 පාසැලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක මේ කෑම අත්හදා බලන්නත් ඔබට පුලුවන් .

 පාමර්සන් පොටෙටෝ ස්ටික්

අවැසි දේ 

  • අල ග්රෑම් 200ක්
  •  සුදු වර්ණ පාන්කුඩු මේස හැඳි 3
  • ගා ගත් පාමසන් චීස් මේස හැඳි 2
  •  බිත්තර කහමද 1
  • බැදීමට පොල්තෙල්
  •  මිරිස් කුඩු තේ හැඳි කාලක්
  • ලුණුකුඩු ටිකක්
  •  කපාගත් පාස්ලි මේස හැඳි 1

සාදන අයුරු

අල අඟල් තුනක් හතරක් පමණ දිගට ඇඟිල්ලක පළලට කැබලි කපන්න. ඉන්පසු අල කැබලි බාගෙට තම්බා වතුර බේරෙන්න හැර පිරිසුදු රෙදි කැබැල්ලකින් පිසින්න.දැන් කපාගත් පාස්ලි ටික මිරිකන්න.එයට චීස්,පාන් කුඩු, මිරිස්කුඩු කලවම් කරන්න.බාගෙට තම්බාගත් අල කැබලි බිත්තර මිශ්‍රණයේ ඔබා පාන්කුඩු මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

 මිනි චිකන් බුල්ටෝ

 

 අවැසි  දේවල්

  • බේකින් පවුඩර් තේ හැඳි
  • මාගරින් තේ හැඳි 1
  • ලුණු ටිකක්
  • වතුර කෝප්ප ¾
  • කුකුලු මස් පපු කොටස ග්රෑම් 200
  • ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • ලුණු ස්වල්පයක්
  • මිරිස්කුඩු තේ හැඳි බාගයක්
  • සෝයා සෝස් ස්වල්පයක්
  • තෙල් මේස හැඳි බාගයක්
  • කැරට් ග්රෑම් 50
  • අයිස් බර්ග් කොළ 4,5.
  • පිටි කෝප්පයක්

 සාදන ආකාරය

පිටි,ලුණු,බේකින් පවුඩර්,මාගරින් සියල්ලම එකට මිශ්‍ර කරන්න.තෙත ගතිය මදි නම් පමණක් වතුර ටිකක් එකතුකර හොඳින් පිටි මිශ්‍රණය  සාදන්න.පැය බාගයක් පමණ තබන්න.කුකුළු මස් සෝදා එයට ලුණු,ගම්මිරිස්,මිරිස් කුඩු,සෝයා සෝස්,තෙල් එකතුකර සීසන් කරන්න.අවන් එකක තබා සෙන්ටිග්රේඩ් 150 උෂ්ණත්වයට විනාඩි 30 ක් බේක් කරන්න.නැතිනම් ග්රිල් එකක තබා ග්රිල් කරගන්න.පැය බාගයක් තබාගත් පසු අගලෙන් දශමයකට පමණ තුනීකර එයින් පීරිසි කෝප්පයක ප්රමාණයට රවුම් කපාගන්න.එය නොන්ස්ටික් සාස්පානකට දමා දෙපැත්ත පුලුස්සන්න.එහි මෙයෝනීස් සෝස් ගාන්න.ඒ මත තීරු කපාගත් කුකුලු මස් කැබලි,කැරට් සහ කපාගත් අයිස්බර්ග් කොළ තබා රෝල් කර එය නොගැලවෙන පරිදි ගැටගසා ගැනීමට කොලපාට ලීක්ස් කොලයක් උතුරන වතුරට දමා ඉන් තීරුවක් ගෙන ගැට ගසන්න.

 -ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles