ගමේ කෑම -2 රුලං කැඳ

සතිපතා ගමේ කෑම රස ඔබට ගෙන ලිපි මාලාවේ අද ඉදිරිපත් කරන්නේ බොහොම පහසුවෙන් හදා ගන්න පුලුවන් කැඳ එකක්. ඔබේ දරුවන් වගේම ගෙදර වැඩිහිටියන් ද මේ කැඳ බොහොම ආසාවෙන් රස බලාවි.

අවශ්‍ය දේවල්:

  • නැවුම් කිරි කෝප්ප 2
  • වතුර කෝප්ප 1
  • බටර් තේ හැඳි 1 1/2
  • ලුණු තේ හැඳි 1/4
  • රුලං පිටි කෝප්ප 1/3
  • සුදු සීනි මේස හැඳි 1

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම වතුර, කිරි, බටර් සහ ලුණු සාස්පානකට දමා මඳ ගින්නේ රත්කරගන්න.
  • හෙමින් හැඳි ගාන්න.
  • ලිපෙන් බා රුලං පිටි  එකදිගට හැඳි ගාන්න. කැට හැදෙන්නෙ නැති වෙන ලෙස කරන්න.
  • මේ සාස්පාන ආයෙමත් මද ගින්නේ රත්කරගන්න . මිශ්‍රණය නටන තුරු හැඳි ගාන්න.. විනාඩි දෙකක් තුනක් ප්‍රමාණවත්.
  • දැන් ගින්දර අඩුකර පියනකින් වසා කැඳ  ටිකක් ඝනකම් වෙන්නට හරින්න.
  • දැන් සාස්පාන ලිපෙන් බා සීනි එකතුකරන්න. විනාඩි පහක් පමණ නිවෙන්න හරින්න
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles