උකුණු කරදරේ නිසා ඔලුව කසන අයට..

උකුණන් වර්ග කිහිපයක් සිටිනවා.
1. Pediculosis  Capitis 
            මොවුන් ඔලුවේ ජීවත්වන, සාමාන්‍යයෙන් අප උකුණන් ලෙස හදුන්වන සත්ත්ව විශේෂය යි .
2. Pediculosis Pediculosos Pubis
              මෙම විශේෂය ශරීරයේ රෝම කූප ආශ්‍රිතව, විශේෂයෙන් ප්‍රජනන ඉන්ද්‍රිය ආශ්‍රිතව ජීවත් වෙනවා
3. Pediculosis Corporis
               මොවුන් ශරීරයේ ඕනෑම ස්ථානයක ජීවත් වෙනවා.
        PediculosisCapitis හෙවත් ඔලුවේ ජීවත් වන උකුණන් කුඩා දරුවන් අතර බහුලව දැකිය හැකි තත්ත්වයකි. මෙහිදී ඉතාමත් දරුණු ලෙස හිස කසන අතර හිසට දහඩිය දැමූ විට ඉතා දැඩි දැවිල්ලක් සමගම හිස කැසීමට පටන් ගන්නවා. මෙහිදී නියපොතු පහරවල් වලින් හිස තුවාල වී බැක්ටීරියා  ආසාදනයක් වුවද ඇතිවිය හැකියි.
             මේ හේතුවෙන් රතු, සුදු පැහැති බිබිලි ඇති වෙනවා. මීට අමතරව හිස බෙල්ල හා කන පිටුපස වසා ගැටිති ඉදිමීමට පටන් ගන්නවා.. උකුණෙකු හිසකින්  හිසකට මාරුවීමට තත්පරයකටත් අඩු කාලයක් ගත වෙනවා. මෙලෙස හිසකට ගිය පසු මෙම සතුන් අලුතින් වැවෙන කොන්ඩය මුල බිත්තර දමනවා
                අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී ලේඬි ලෙස හඳුන්වනු ලබන්නේ මෙම කාණ්ඩයයි. මොවුන් මිනිස් සිරුරෙන් රුධිරය උරා බොනවා. සතියකට පමණ පසුව බිත්තර බිඳී කුඩා උකුණන් බිහිවන අතර “කුඩ්ඩෝ” ලෙස මොවුන් සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වනවා. මොවුන්  හිසේ ඇලී රුධිරය උරා බොන බැවින් දැඩි ලෙස හිස කැසීමකට ලක් වෙනවා.
මෙලෙස බිත්තර බිඳී අවසන් වුව ද කොපුව කෙස් ගසේ මුල සිට අඟලක්  පමණ ඉහළට ගමන් කරනවා. බිත්තරයක් දින දහයක කාලයක් ද, විශාල උකුණකු දින තුනක් ද ජීවත් වෙනවා. මොවුන් වතුරෙ ගිලුනද මිය නොයන සත්ත්ව විශේෂයක්. කැරළි කොණ්ඩය ට වඩා සාමාන්‍ය කොණ්ඩයට මොවුන් ප්‍රියතාවයක් දක්වනවා.

බෝ විය හැකි ක්‍රම 

  • පනා මඟින්
  •  කොට්ට වලින් හා ඇඳ ඇතිරිලි වලින්
  • එකම තුවාය භාවිතයෙන්උ

උකුණන් සඳහා ඖෂධ වර්ග තියෙනවාද? 

මේ සඳහා  බොහෝ විට ආලේපනයන් භාවිතා කරනු ලබන අතර කලාතුරකින් බීමට ඖෂධ ලබා දෙනවා.
  •   මැලතියන් අඩංගු ෂැම්පු වර්ග
  • antibiatic ඖෂධ
ලබා දෙන අතර මෙලෙස ලබා දෙනු ලබන ඖෂධ පවුලේ සියල්ලන්ටම ලබා දෙනවා.. එම ඖෂධ නිසි පරිදි භාවිත කළ යුතු ය.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles