පතිනියකගේ සටහන් -25

සුපර් මාකට් එකට ගිහින් කන්න හිතෙන සේරම ජාති තෝරන්න හිටි හැටියේ මට හිතෙනවා.පුංචි අමුත්තාට ඕන දේවල් වෙන්න ඇති. හිටිගමන් සමහර දේට මහා ආසාවක් එනකොට මං එහෙම හිතනවා.

සමහර ආහාර ඒ තරම් ගුණ නැති බව කියන භානුකත් එක්ක ටිකක් තරහ වෙලා බඩු මුට්ටු තෝරාගෙන පෝලිමට වැටුණට පස්සේ මට ටිකක් අපහසුවක් දැනුණා.

“ඔයා අතනින් ඉඳගෙන ඉන්න. මං ඉක්මනින් එන්නම්.”

භානුකගෙන් යෝජනාවක්. භානුකට පෝලිමෙන් ඉවත් වෙන්න කියලා මගේ නෙරා ආ කුස පෙන්නලා පෝලිමේ ඉදිරියට පනින්න පුලුවන් වුණත් මං ඒකට කැමති නෑ.

“අනේ පොඩ්ඩක් ඉන්න. මට හදිස්සි”

ආන්ටි කෙනෙක් පෝලිමේ ඉදිරියට ඇවිත්. මාකට් එකෙන් බාගයක්ම ගෙනියන ට්‍රොලියක ගණන් මිනුම් හැදෙනකොට අනිත් අය ඔහේ බලා ගෙන ඉන්නවා.

මං දැක්කා පුංචි දරුවෙක් අතින් ගත් අම්මෙකුත් බලාගෙන ඉන්නවා. ආන්ටිගේ හදිසිය බොරු එකක් වග තේරෙනවා.

අපි ගැහැණු. වඩා හොඳින් ආචාරශීලි විය යුතු අපි. ඒත් ප්‍රසිද්ධ තැන්වල ගැහැණුන්ගේ හැසිරීම කමකට නැති බව ඔප්පු කරන්න ගැහැණු හරිම දක්ෂයි.

-නිබන්ධිකා-

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles