ගමේ කෑම -3 දකුණු පළාතේ දැල්ලෝ කරිය

අවශ්‍ය දේවල්:

  • දැල්ලො ග්‍රෑම් 400
  • රතු ළුෑණු ගෙඩි 7-8
  • සුදු ළුෑණු බික් 4-5
  • ඉඟුරු  තේ හැදි 1/2
  • කරපිංචා කොළ 5-6
  •  තෙල් තේ හැදි 3-4
  • තුනපහ මේස හැදි 2
  • උළුහාල් තේ හැදි 1/2
  • අබ තේ හැදි 1/4
  • මහදුරු තේ හැදි 1/4
  • කහ කුඩු තේ හැදි 1/4
  • උකු පොල් කිරි මිලි ලීටර් 200-250
  • සියඹලා යුෂ මිලි ලීටර් 50 -60

සාදා ගන්නා ආකාරය

  • මුලින්ම දැල්ලො සෝදගන්න.රවුම් මුදු හැඩයට කපා ගන්න.
  • ළුෑණු සිහින්ව ලියා ගන්න.  සුදු ළුෑණු හා ඉඟුරු චොප් කර ගන්න.
  • සියඹලා යුෂ සකසා ගන්න.
  • දැල්ලන් කහ සහ ලුණු දමා අතගා ගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දමා රත් කර අබ පුපුරවා ගන්න .
  • එයට ළුෑණු එක්කර බදින්න.
  •  උළුහාල්, ඉගුරු, සුදු ළුෑණු, මහදුරු, කරපිංචා එක්කර බැදෙන්නට හරින්න.
  •  දැල්ලො එයට එක්කර ලිපේ ගින්දර වැඩි කර භාජනය පියනකින් වසා විනාඩි දහයක් පමණ රත් කර ගන්න.
  • ඉන්පසු  පොල් කිරි සහ සියඹලා එකතු කරන්න.
  • තුනපහත් ගැළපෙන පදමට එකතු කරන්න.
  • හොඳින් පිස ගන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles