ආයුර්වේදයට අනුව ගර්භාෂය සිසිල් කරන ආහාර ගැන දැන ගනිමු

ගර්භාෂය සිසිල් කරන ආහාර ලබා ගැනීම ඔබේ සමහර රෝග වළක්වා ගැනීමට බොහෝ හිතකර කාරණාවක්. මේ ආයුර්වේදයට අනුව ගර්භාෂය සිසිල් කරන ආහාරයි.

ගර්භාෂය සිසිල් කරන පළතුරු.

තැඹිලි

නෙල්ලිඅමු නෙල්ලි ටිකක් ඇට ඉවත් කරලා අරගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.ඊට පස්සේ සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. .

බෙලි-ඉදුණු බෙලි ගෙඩියක්  ඇට ඉවත් කර බෙලි යුෂ ලබා ගෙන දෙහි යුෂ ස්වල්පයක්, සීනි සහ ලුණු ස්වල්පයක් එකතු කරලා බීම එකක් විදිහට  හදලා බොන්න පුළුවන්. ඒ වගේම තමයි බෙලි කටු ,  බෙලිමල් තම්බලා බොන්න පුළුවන්.

කොමඩු -පළතුරක් විදියට ඍජුවම ආහාරයට එකතු කර ගන්න පුළුවන්. නැතිනම් ඇට ඉවත් කරපු කොමඩු මදය සූරලා අරන් එයට දෙහි යුෂ , ලුණු එකතු කරලා බීම එකක් හදා ගන්නත් පුළුවන්.

ගර්භාෂය සිසිල් කරන එළවළු.

  1. පිපිඤ්ඤා- පිපිඤ්ඤා ඔබට පහසුවෙන්ම සොයාගන්න පුළුවන්, එය ලූණු, දෙහි එක්කරලා සලාදයක් විදියට සකස් කර ගත් විට හරිම රසවත්, ඒවගේම පිපිඤ්ඤා මිටිකිරි ටිකක් දාලා පිස ගත්තාහම හරිම රසවත් වෑංජනයක් වෙනවා.
  2. අළුපුහුල් – අළු පුහුල් වලින් ඉතාමත් රසවත් ව්‍යාංජනයක් සකස් කරගන්න පුළුවන් .
  3. මෑ- මෑ සීතල ආහාරයක් ලෙස ප්‍රසිද්ධයි. ඔබට මෑ වලින් රසවත් ව්‍යාංජනයක් සකස් කර ගන්න පුලුවන්
  4. වම්බටු -වම්බටු ව්‍යාංජනය හෝ වම්බටු බැද රසවත් සලාදයක් සකස් කර ගන්නත් පුළුවන්
  5. කැකිරි – කැකිරි ඇඹුල ගර්භාෂය සිසිල් කරවන හොඳ ආහාරයක්.

ගර්භාෂය සිසිල් කරවන පාන වර්ග.

අපි නිතර ගන්න ස්වාභාවික පාන වර්ග බොහොමයක් වගේම සිරුර සිසිල් කිරීමේ ගුණයෙන් සපිරියි. කොළකැද නිතර බොන්න පුළුවන් නම් බොහොම ගුණදායකයි.
  1. කෝමාරිකා යුෂ- කෝමාරිකා කොළයේ මදය පානයක් ලෙස සකසා පානය කරන්න.
  2.  රණවරා- රණවරා කොළ තම්බලා පානයට ගන්න පුළුවන්. රණවරා දළු මැල්ලුම්  ආහාරයට ගන්නත් පුළුවන්.
  3. සව් -සව් කැඳ වගේම සව් පුඩිමත් ගුණදායක ආහාර යි
  4. බාර්ලි -බාර්ලි තම්බා  ඒ වතුරට සිනී ටිකක් එකතු කර පානය කරන්න.
  5. පොල්පලා-පොල්පලා තම්බා  සිනී එකතු කර බොන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles