බෙඩ් ටයිම් ස්ටෝරි – 18

0
759

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති

අමුතුම කැමරාව.

ඔන්න දවසක් කැලේ ඉන්න යාලුවන්ට අමුතුම දෙයක් හම්බ වුණා . වඳුරු හාමි තමයි එක අරගෙන ආවේ. මේ අමුතු දේ කළු පාටයි .ඒකෙ ඉදිරියට එන අය හිනා උනාම පුංචි බොත්තමක් ඔබන්නයි තියෙන්නෙ .එ තකොට ඒකෙ එයාව පෙනෙනවා.මේ අරුම පුදුම දේට කියන්නේ කැමරාව කියලා ලු .

ඔන්න කැලේ ඉන්න හැමෝටම මේ කැමරාවෙන් පින්තූර ගන්න ඕන වුණා . හැමෝම පෝලිමේ ආවා. වඳුරු හාමි බෑ නොකියා හැමෝගෙම පින්තුර ගත්තා .ඒත් පින්තූර එළියට ආවාම තමයි ප්‍රශ්නයක් ආවෙ .නරි හාමිට  අං දෙකක් ඇවිත් තිබුණා. හා හාමිට තිබුණේ කොටම කොට කන් දෙකක් .අලි පුංචි හොඬවැල ට වෙච්ච දෙයක් නෑ. ඉත්තෑ හාමිගෙ කූරු නැහැ.

හරිම වැඩේ !!

හැමෝම එයාලගේ පින්තූර වලට කැමති වුණේ නැහැ .;වඳුරු හාමිට ගොඩක් දුකයි . එයා මහන්සි වෙලා නේ පින්තූර ගත්තේ . ඒ විතරක් නෙමෙයි, එයාල වඳුරු හාමි  එක්ක ටිකක් තරහා වෙලා වගේ .එයාලගේ පින්තූර කැත කරා කියලා. වඳුරු හාමි පැත්තකට ගිහින් පොඩ්ඩක් කල්පනා කළා. එයාට හොඳ අදහසක් ආවා .එයා කිව්ව “යාලුවනේ ඔයාල දැකල තියනවද ඉස්කෝලෙ ළමයි නාට්‍ය කරනවා, එයාලා එතකොට වෙන වෙන අය වගේ ඇඳගෙන තමයි රඟපාන්නේ.මට හිතෙන්නේ මේ ඒ අය ගේ ෆොටෝ ගන්න කැමරාවක්. මේක මැජික් කැමරාවක් හැමදාම එකම විදියට ඉන්න අයව වෙනස් කරන කැමරාවක්. බලන්න කොච්චර හොඳ ද කියලා. හා හාමි ව හැමදාම දැක්කෙ අපි දිග කන් එක්ක. බලන්න අර දිග හොඬවැල  නැතුව අලි හාමිගේ වෙනස  .මම හැමදාම හිතුවේ ඉත්තෑ හාමිට කූරු නැති උනානම් කොච්චර හොඳයිද කියලා .”

“ඒකත් ඇත්ත තමයි වඳුරු හාමි කියන්නේ ඇත්ත” යාලුවො ටික කතා වුණා. අපි හැමදාම ඉඳලා තියෙන්නේ එකම විදියට කිසිම වෙනසක් නැහැ කැමරාව නිසා අපි ටිකක් වෙනස් වෙලා .කොච්චර හොඳයි ද හැමෝටම සතුටු හිතුණා. ඔන්න ෆොටෝ ගන්න තව දිග පෝලිමක් .

-චම්මි-