හැඩ වැඩට වගේම නිරෝගී වෙන්න – ගිතෙල්

ගිතෙල් කෑමට බීමට  අමතරව රූපලාවන්‍ය කටයුතු කෙරෙහි යොදාගන්නට පුළුවන් තෙල් වර්ගයක්. විශේෂයෙන්ම ඉන්දියාව, අරාබිය, ඉරානය,පාකිස්ථානය  ඇතුළු බොහෝ රටවල් වල ගිතෙල් කියන්නේ නැතුවම බැරි දෙයක්. මේ කහ පැහැති කිරි විශේෂය පූජනීයත්වයෙන් සලකනවා. සම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතිවම බැරි ඔසුවක් වන ගිතෙල්  වලින් අපට ලබාගන්නට පුලුවන් ප්‍රයෝජන ගැන ගැනයි මේ කතා කරන්නට යන්නේ.

 

ගිතෙල් වල ගුණ.

විටමින් A, විටමින්  E,ඔමේගා 3,ඔමේගා 6 සංතෘප්ත මේදය ,විටමින් k,ප්‍රෝටීන් අඩංගු වෙනවා .

සම්බාහනයේ දී වැඩි වශයෙන් ම යොදා ගන්නේ ගිතෙල් .ඔස්ටියෝ ආතරයිටීස් ආතතිය නින්ද නොයාම ආඝාතය වැනි තත්ත්වවලදී ගිතෙල් සම්භාහනයෙන් සහනයක් ලබන්න පුළුවන්.

ගැඹුරු තෙලේ බැදීමේදී ගිතෙල් ඉතාමත් සුදුසු තෙල් වර්ගයක් .ඒ බැදීමේදී පිට වන්නේ අඩු විස රසායන ප්‍රමාණයක් නිසා.

කොතරම් ගුණ උනත් ගිතෙල් දිනකට මේස හැන්දකට දෙකකට වඩා පරිභෝජනය කිරීම සුදුසු වන්නේ නැහැ.

ගිතෙල් ආහාරයට එක් කිරීමෙන් ඇස්වල පෙනීම වැඩි දියුණු වෙනවා.රාත්‍රී අන්ධතාවයට ඉතාමත් හොඳ ඔසුවක්.

ඇස්වල වියළි බව නැති කිරීමටත් සිසිලසක් ගෙන දීමටත් ගිතෙල්වල  ඔසු ගුණය උපකාරී වෙනවා .

දිගු වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් දෑසට දැනෙන වෙහෙසට ගිතෙල් පිළියමක්.

හිස කෙස් වලට හානි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ තෙත් ස්වභාවය අඩු වීම.ගිතෙල් හිස් කබලේ ගැල්වීමෙන් කෙස් වලට කෙස් වලට පෝෂණයක් ලැබෙන අතර වියළි බව ද ඉවත් වෙනවා .

ගිතෙල් හැන්දක්   දියවෙන්නට හැර ඇඟිලි තුඩුවලින් හිස්කබල සහ කොන්ඩය සම්බාහනය කරන්න. ඒකට පසු මෘදු ෂැම්පු වර්ගයකින් සෝදාහරින්න.

ගිතෙල් රැයක් පුරා ගල්වා shower cap  මගින් ආවරණය කර තබන්න.පසුදා ෂැම්පූ ගල්වා සෝදා හරින්න. මෙය කදිම කන්ඩිශනර් එකක්.

ගිතෙල් මඟින් සම්බාහනය කිරීමෙන් හිස් කබලට හොඳින් රුධිර සංසරණය වනවා වගේම හිසකෙස්  දිගට වැඩීමට උත්තේජනයක් ලැබෙනවා.

ගිතෙල් මේස හැඳි දෙකකට ඔලිව් හෝ තල තෙල් තේ හැන්දක් එක් කරන්න මිනිත්තු පහළොවක් පමණ රත් කරන්න. ඔබ කැමති සුගන්ධ කාරක තෙලක් එක්ක එක්කර හොදින් හොදින් මිශ්‍ර කරන්න හිස් කබලේ ගල්වා සම්බාහනය කර මිනිත්තු කිහිපයක් shower cap එකකින් ආවරණය කර තබා සෝදන්න .හිස කෙස් හිස කෙස් වල නම්‍යශීලී බව වැඩිවනවා .

තොල් වල කලු පැහැය නැතිකිරිමට ගී තෙල් ගල්වා රැයක් තබා පසුවදා සෝදන්න .

සම වියළි නම් නෑමට පෙර  ගිතෙල් ගල්වන්න .

-ඉරේෂා-

 

Related Articles

Don't Miss


Latest Articles