පතිනියකගේ සටහන් -26

එයා ඇත්තටම වෙන කාත් එක්ක හරි යාලුයි. මට ඒක දැනෙනවා. තේරෙනවා. “
 නිලූ ඉකි බිඳිනවා.
“එහෙම එක පාරම මිනිස්සු ගැන තීරණ ගන්න පුලුවන්ද නිලූ . ඒ මනුස්සයාට වැඩ වැඩි ඇති”
මාධවී සැර වෙනවා.
කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ පිරිමින්ට ගෑනු නළවන්න බෑ ළමයිනේ. ඔයාලා වරද්දා ගන්න තැන”
මිසිස් පෙරේරා උරහිස් නටවමින් හිනා වෙනවා.
“ඔන්න ඕකයි ගෑනු අපිට වරදින තැන”
මම කතාව පටන් ගත්තා.
කසාද බැඳලා කොච්චර කල් ගියත් ආදරේ සහ සොයා බැලීම් අඩු වෙන්න ඕන නැහැ. දෙන්නා දෙන්නා ගැන ආදරෙන් අවබෝධයක් ඇතුව ඉන්න ඕන. දැන් පරණ වෙලානෙ කියලා අපිත් ඔලුවවත් නොපීරා ඉන්නකොට, හස්බන්ඩ් ගැන හොයන බලන එක අමතක කරනකොට, කතා බහ අමතක කරනකොට, සෙක්ස් රිලේෂන්ශිප් එකට දාහක් බාදා ගේනකොට හස්බන්ඩ් වෙනස් වෙන්න පුලුවන්. මනුස්සයෙක් නිසා.හැබැයි හුඟක් හස්බන්ඩ්ලා වෙනස් වෙන්නේ අපේම වරදින්”
හැමෝම මගේ කතාවට එකඟ වෙන්න අරන්. බොරුවක් නෙවෙයිනෙ. හැබැයි නිරපරාදේ සැක කිරීමත් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.
“ඔයා ධනුක එක්ක කෙලින්ම කතා කරන්න නිලූ. ඒකයි හොඳම.සැකේ කියන්නෙත් ලොකු විෂබීජයක්”
මම එහෙම කියනකොටම උපුලිට හිනාවක් ගියා.
“භානුකව හිටි ගමන් සැක කරලා පුරුද්ද තියෙන කෙනෙක් මේ කියන්නේ. නිලූ ඔන්න අහන්න. මෙයා නම් දැන් හැදිලා.. “
ඒකත් ඇත්ත. ඔහොම අසනීප මටත් තිබුණා. ඔඩු දුවන්න නොදී සනීප කරන්න භානුකට පුලුවන් වුණා.
-නිබන්ධිකා-

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles