Aloe vera juice ගෙදරදීම හදමු..

පසුගිය කාලයේ වෙළදපොලට එකතු වුණු නවතම බීම නිෂ්පාදන අතරට කෝමාරිකා පානයත් එක් වී තිබෙනවා.අධික ලෙස සීනි අඩංගු පානයන් පානයන් සෞඛ්‍යය ද කෙතරම් හිතකර ද කියා සොයා බැලීමක් නැතිව ම බොහෝ දෙනා ඒවා කෝමාරිකා නිසාම ලබා ගන්නා අයුරු දකින්නට පුළුවන් .නමුත් කොමරිකා කියන්නේ අපේ පරිසරයේ පහසුවෙන්ම ලබාගන්න වවා ගන්න පුළුවන් ශාකයක් .ඉතින් කෘතිම පානයන්ට ඇබ්බැහි නොවී නියම රසයෙන් යුතු කෝමාරිකා පානය පානයක් හදා ගන්න නිවසේදීම අපිට පුළුවන්.

අවශ්‍ය දේවල්

කෝමාරිකා පිති දෙකක්.
වතුර වීදුරුවක්.
ලෙමන් යුෂ ස්වල්පයක්.

මුලින්ම කෝමාරිකා පිති  දෙක හොඳින් සෝදා පිරිසුදු කර ගන්න.පසුව එහි දෙපස දාර පිහියකින් කපා ඉවත් කරන්න.දැන් එය සාමාන්‍ය කොටස් වලට හරස් අතට කපන්න .වතුර බඳුනක දමා පැය භාගයක් තබන්න.ටික වේලාවක් යන විට කෝමාරිකා පිත්තෙහි ඇති තිත්ත ඉවත් වී වතුර බඳුන අව පැහැයට හැරෙනවා .පසුව පැය භාගයකින් ඒ කෝමාරිකා අවපැහැ ජලය  ඉවත් කර නැවත වතුරෙන් සෝදන්න.පසුව පිහියක් ගෙන දෙපස පොත්ත ඉවත් කර ඉවත් කර මාංශය කුඩා කැබලි වලට වෙන් කරගන්න .පසුව ඊට වතුර මේස හැඳි දෙකක් පමණ එක් කර එක්කර බ්ලෙන්ඩර් කර ගන්න.ඊළඟට මේ මිශ්‍රණයට වතුර ස්වල්පයක් සහ දෙහි යුෂ ටිකක් මිශ්‍ර කර පානය සඳහා පිළියෙල කර ගන්න පුළුවන්.අවශ්‍ය නම් සීනි ටිකක් රස අනුව මිශ්‍ර කර ගන්න පුළුවන්. නමුත් සීනි මිශ්‍ර නොකරන තරමට ගුණදායක බව වැඩියි .විශේෂයෙන් ම සතියේ දින කිහිපයක් ම උදේ වරුවේ මේ පානය කිරීමෙන් වඩාත් ප්‍රතිඵල ලැබෙනවා .

අම්ල පිත්ත රෝගය රාත්‍රී අන්ධතාවය පිළිකා වැනි රෝගවලට රෝග වලට කෝමාරිකා ඉතාමත් ගුණ බව හඳුනා ගෙන තිබෙනවා ඒ වගේම රුධිරයේ ඇති ප්‍රෝටීන ඌනතාව වැළැක්වීමට මෙය කදිම ඔසුවක් ලෙසත් භාවිතා කරන්න පුළුවන් මීට අමතරව අක් ව අක්ෂි රෝග පෝෂණ ඌනතා රක්ත හීනතාව දුර්වල ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට අර්ශස් දියවැඩියාව ආර්තව හරනයෙන් ඇති වන රෝග ආදී රෝග බොහොමයක් සඳහා සදහා කෝමාරිකා ඉතාමත් ගුණදායකයි

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles