නිතර අවුල් වෙන කොණ්ඩයක් ඇති අය වෙනුවෙන්මයි..

හිස කෙස් දිනපතා සේදීමෙන් වලකින්න.

කොණ්ඩය නිතරම අවුල් වීමට හේතුව එය වියළි වීමයි. ඉතින් වියළි කොණ්ඩයක් නිතර නිතර ෂැම්පු කිරීමෙන් එය තවත් වියළි බවට පත් වෙනවා. මේ නිසා සතියට තුන් වතාවක් ෂැම්පු කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම වියළි හිස කෙස් සඳහා නිෂ්පාදනය කර ඇති ෂැම්පු වර්ගයක් ගල්වන්න.

ස්නානය කිරීමේදී හිස කෙස් මුල ෂැම්පු කරන්න.

ඔබ ඔබේ කෙස් සෝදන අවස්ථාවේදී, හිස කෙස් මුල (හිස්කබල) පමණක් ෂැම්පු කිරීමෙන් ඔබේ හිස කෙස් නිතර අවුල් වීම වළක්වා ගන්න පුළුවන්. කෙස් වල මතුපිටට ෂැම්පු නිතර වැදීමෙන් කෙස් ගස් වියළි බවට පත් වී, නිතර අවුල් වෙන්නට පටන් ගන්නවා. ඔබ ෂැම්පු තෝරා ගැනීමේදී සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ග තෝරා ගැනීමට ප්‍රවේශම් වන්න.

කන්ඩිෂනර් භාවිතා කරන්න.

කන්ඩිෂනර් වලින් හිස කෙස් වලට පෝෂණය සහ තෙතමනය සපයනවා. වියළි හිස කෙස් වෙනුවෙන්ම නිපදවූ කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරනවා නම් වඩාත් සුදුසුයි. ෂැම්පු ගැල්වූ සෑම අවස්ථාවකදීම, කන්ඩිෂනර් ගල්වන්න අමතක කරන්න එපා. කන්ඩිෂනර් ගල්වා විනාඩි 5කට පමණ පසු හිස කෙස් සෝදා හරින්න.

හිස කෙස් පිස දැමීම සඳහා මයික්‍රොෆයිබර් තුවායක් භාවිතා කරන්න..

නිතරම අවුල් වන ස්වාභයකින් යුක්ත ඔබේ හිස කෙස් පිස දැමීමට වඩාත්ම සුදුසු වන්නේ මයික්‍රොෆයිබර් තුවායක්ය. එය කොට්න් තුවා වලටත් වඩා ප්‍රතිඵල දැයි වේ. කොට්න් තුවා වල ඇත්තේ ස්වභාවික තන්තු වුවත්, මයික්‍රොෆයිබර් තුවා වල විශේෂයෙන් සැකසූ සංයෝගාත්මක තන්තු අඩංගුය. තුවායෙන් හිස අතුල්ලන්නට යන්න එපා. එය හිසට සහ කෙස් වලට තබා තද කිරීමෙන් ජලය ඉවත් කර ගත හැක.

හිසට සිලිකන් ඔයිල් වර්ගයක් ආලේප කරන්න.

කෙස් වල ඇති අවුල් ස්වභාවය ඉවත් කිරීමේ මනා හැකියාවක් සිලිකන් ඔයිල් වලට තිබෙනවා. අල්ලට තෙල් ස්වල්පයක් ගෙන, අත් දෙකෙන් හොඳින් අතුල්ලා, කෙස් වල ආලේප කරන්න. අවුල් වූ කොණ්ඩය පීරිමේදී දැති ලෝකේ පනාවක් භාවිතා කරන්න. පනාවේ දැති වලට සිලිකන් ඔයිල් ස්ප්‍රේ කර කොණ්ඩය පීරීමෙන් අවුල් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්.

කොණ්ඩයට මෝස්‌තර දැමීමේදී ඇල්කොහොල් අඩංගු නොවන ජෙල් වර්ග භාවිතා කරන්න.

අවුල් වෙන සුළු කොණ්ඩයකින් විලාසිතා කිරීම ඉතා අපහසුයි. විලාසිතා කිරීමේදී කෙස් වලට ජෙල්, වතුර, මූස් හෝ බේබි ඔයිල් ස්ප්‍රේ කිරීමෙන් පහසුවෙන් කෙස් හැසිරවිය හැකියි.

Related Articles

Don't Miss


Latest Articles