නත්තල් කේක් ගෙදරදීම හරිම රසට….

නත්තල් කේක් කියන්නේ උත්සවය තවත් උත්සව ශ්‍රීයෙන් වැඩි කරන ආහාරයක් .ඉතින් අපි ඔබට කියල දෙන්නේ ගෙදරදීම නත්තල් කේක් එකක් හදන හැටි .

අවශ්‍ය දේවල්.

  • රුලං ග්‍රෑම් 250
  • බටර්  ග්‍රෑම්250 යි
  • සීනි ග්‍රෑම් 250 යි
  • බිත්තර කහමද හයයි.
  • බිත්තර සුදු මද තුනයි.
  • පිටි ග්‍රෑම් 30
  • සුල්තාන් ග්‍රෑම් 125
  • ගර්කින් ග්‍රෑම් 175
  • කරන්ට් ග්‍රෑම් 100
  • කජු ග්‍රෑම් දෙසියයි
  • චෙරි ග්‍රෑම් 150යි
  • පුහුල් දෝසි ග්‍රෑම් 150
  • ජින්ජර්  ප්‍රිසව්125
  • චව් චව් ග්‍රෑම් 150
  • කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 50
  • මික්ස් පීල් ග්‍රෑම් 50
  • බ්‍රැන්ඩි කෝප්ප කාලක්
  • ගෝල්ඩන් සිරප් කෝප්ප කාලක්
  • රෝස් එසන්ස් ආමන්ඩ් වැනිලා මේස හැඳි එක බැගින්
  • සූරා ගත් දෙහි ගෙඩියක ලෙලි තේ හැඳි එකයි
  • ස්ටෝබෙරි ජෑම් මේස හැඳි දෙකයි
  • කරද මුංගු කරාබු නැටි සාදික්කා වසාවාසි කුරුඳු කුඩු තේ හැඳි එකයි.

සාදන ආකාරය.

පලතුරු සිහින්ව කපා ගන්න .

පලතුරු සියල්ලම එක බඳුනකට එකතු කරන්න. ඉන්පසු බ්‍රැන්ඩි,ගෝල්ඩන් සිරප්, කුළුබඩු දමා  හොඳින් කලවම් කරන්න.

රෝස් එසන්ස් ආමන්ඩ් වැනිලා දමා නැවත කලවම් කරගන්න.

මෙය පැය කිහිපයක් හෝ දවස් කිහිපයක් තබා ගන්න .වැඩිපුර කාලයක් තබාගත් තරමට රසයෙන් වැඩියි.

රුලං ටික යන්තම් බැද ගන්න .

සුදු මද වෙනම බීටි කරගන්න .බටර් සහ සීනි හොඳින් බීට් කර ගන්න . මේවා ඉතාමත් හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරන්න ඕන.බිත්තර කහමද වරකට එක බැගින් දමමින් බීට් කරන්න . රුලං ටික නිවෙන්නට තබා ටිකින් ටික එකතු කරගන්න. පාන් පිටි ටික ද  පළතුරු වලට දමා හොඳින් මිශ්‍ර කරන්න.එයට දැන් ජෑම් ටික ද එකතු කරන්න .දෙහි පොතු ටික බීට් කරගත්   මිශ්‍රණයට එකතු කරන්න. ඉතාමත් හොඳින් කලවම් කරන්න.

අවන් එක සෙල්සියස්  අංශක 160 ක උෂ්ණත්වයට ප්‍රී හීට් කරගන්න.අවසානයට සියල්ල එකට එකතු කර බිත්තර සුදුමද ද දමා කලවම්  කරන්න.

දැන් කේක් මිශ්‍රණය සම්පූර්ණයි .මතක තියාගන්න මෙය සාමාන්‍ය කේක් එකකට වඩා වෙනස්.මේ කේක් එක පැය එකහමාරක් හෝ දෙකක් පමණ බේක් කරන්නට වෙනවා.ඒ නිසා කේක් මිශ්‍රණය පාච්මන්ට් කොළ වල අතුරන්නට  කලින් ඊට යටින් ඝනකම  කඩදාසි   තට්ටුවක් අතුරන්න ට වෙනවා .නැත්තං කේක් එකේ අඩි‍ය පිලිස්සෙන්නට  පුළුවන් .වටේටත් එලෙසම කඩදාසි කිහිපයක්ම අතුරා ඝනකමට සකස් කරගන්නට වෙනවා. දැන් ඊට උඩින් පාච්මන්ට් පේපර් එක දමා එයට කේක් මිශ්‍රණය අතුරා සූදානම් කර ගන්න. අංශක 160 උෂ්ණත්වයට පැය බාගයක් කේක් එක බේක් වූ පසු අංශක 130 උෂ්ණත්වයේ පැය එකහමාරක් හෝ දෙකක් බේක් කරගන්න. කේක් එක එම වේලාවෙන් පසු එළියට ගෙන ටූත් පික් එකක් ගසා කේක් එක බේක් වී ඇත්දැයි හරියට බලන්න. නිවෙන්නට ටික වේලාවක් පමණ තබන්න .ඔබ කැමති ලෙස විසිතුරු අසුරන වලින් අසුරන්නට  දැන්  පුළුවන්.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles