ඔබේ පොඩිත්තා ගොත ගහනව ද?

කතා කරන විට වචන පැටලීම ගොතය  කියලා හඳුන්වන්න පුළුවන්.ඒ වගේම එක පිට එක වචනය කියවන විට ඒ වචන අතර විවිධ හඬ වල් පිට කිරීමට ඇති අපහසු තත්වයක් තත්ත්වයත් ගොතය  කියලා හඳුන්වනවා .මේ තත්ත්වය වයස අවුරුදු තුන වන විට ඕනෑම දරුවෙකුට සෑදිය හැකි රෝගී තත්ත්වයක් .පරිසර සාධක වෙනස් කිරීමෙන් මෙන්ම විවිධ ප්‍රතිකාර මගින් මඟින් එය නවතා ගත හැකියි .

ගොතය හැදෙන හැටි.

අප හුස්ම ගන්නා විට හුස්ම පෙනහැල්ලේ සිට ස්වර තන්ත්‍ර, දිව, තොල හා තල්ල කම්පනය කරමින් තමා ශබ්දය සෑදෙන්නේ .මෙසේ ශබ්ද සාදන විට හිස් කබලේ කෝටරක වලද නින්නාද වී හඬ  ස්වභාවය   පවත්වා ගෙන යනවා. වචන ගොත ගසන කෙනෙකුට එම නින්නාද හැකියාව අඩුයි .ශබ්ද උච්චාරණය නින්නාද නොවී දිව තොල් අතරින් පිටවනවා.මෙම තත්ත්වය ගොතය ලෙස හඳුන්වනවා.

සුව කළ හැකිද?

දරුවා ගොත ගසන විට වැඩිහිටියන් එයට බිය වී කටයුතු කළ යුතු නැහැ .ඔහුට කථා කිරීම අපහසු බව ඔහු ඉදිරියේ පැවසීම කළ නො යුත්තක් .දරුවා ගොත ගසන විට ඔහු සමඟ සාමාන්‍ය ලෙස නිවැරදි උච්චාරණය සහිත  වචන කතා කළ යුතුයි .එසේ කිරීමෙන් තරමක් ගොතය  මගහරවා ගන්න පුළුවන් .

ඒ වගේම ගොතය සුව කර ගන්නත් පුළුවන් .නිවැරදිව කථන චිකිත්සක ප්‍රතිකාර මගින් මගින් ඉතාමත් සාර්ථකව එය සුවකර ගන්නට පුළුවන්  .ඒ වගේම දරුවා පමණක් නොව දරුවා වටා සිටින වැඩිහිටියන් ද මේ සම්බන්ධයෙන්  උපදේශනය ගත් ලබා ගත යුතුය.ඊට හේතුව වන්නේ සමහර දෙමාපියන් දරුවා ගොත ගසන විට තර්ජනය කිරීමෙන් කිරීමෙන් එය වෙනස් කරන්නට උත්සාහ කරන නිසා .ඉන් වන්නේ දරුවා තව තවත් අපහසුවට පත් වීමයි .

ඉතින් ඔබේ දරුවා ඉතා කුඩා කාලයේ දී ම කථන අපහසුතා පෙන්වනවා නම් ඉතා ම ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමු කිරීම කළ යුතුයි .

 

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles