රසට ගුණට ෆෘට් කස්ටඩ් හදමු..

උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්…..

අවශ්‍ය දේවල්

කැබලි කපාගත් අන්නාසි කෝප්ප දෙකක් සීනි ටිකක්
කැබලි කපාගත් ඉදුනු අඹ කෝප්ප එකක් කොල වර්ණ  ඇපල් කෝප්ප එකක්
කස්ටඩ් පවුඩර් මේස හැඳි දෙකක්
පිටිකිරි හෝ එළකිරි කෝප්ප එකහමාරක් සීනි මේස හැදි දෙකක්
වැනිලා තේ හැඳි එකක්.

සාදන ක්‍රමය.

කල්කිරි වලින් ටිකක් ඉතිරි කර ඉතිරි කිරි සහ සීනි බඳුනකට දමා ලිප තබන්න. එය නිවුණු විට කස්ටර්ඩ් පවුඩර් කිරිවලින්  දිය කර කිරි බඳුනට දමා හොඳින් හැඳි ගා වැනිලා එකතු කරන්න.එය ඝන වන විට ලිපි ඉවත් කරන්න. මෙම මිශ්‍රණය කොටස් දෙකකට බෙදන්න. එක් කොටසකට පමණක් තැඹිලි වර්ණය එකතු කරන්න. අන්නාසි වලට සීනි එකතු කර එකතු කර ස්ටු කරන්න. ඇපල් වලට දෙහි ටිකක් කලවම් කරන්න. භාජනයක් ගෙන එයට කස්ටඩ් ටිකක් දමා ඒ මතට අන්නාසි තට්ටුවක් දමන්න. නැවතත්  cකස්ටඩ් ටිකක් දමා අඹරා තට්ටුවක් දමන්න. නැවතත් කස්ටට් ටිකක් දමා ඇපල් තට්ටුවක් දමන්න .ඒ මතට  කස්ටර්ඩ් දමා සීනි කැට වලට තැඹිලි වර්ණය එකතු කර උඩින් දමන්න .

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles