බබාව නිදි කරවන්න අපහසු අම්මලාට..

දරුවන් නිදි කරවීම සාමාන්‍යයෙන් පොදුවේ සියලුම දෙමාපියන් මුහුණ දෙන අභියෝගයක් . එයාලා බලන්නේ කොහොම හරි තවත් පොඩි වෙලාවක් ඇහැරගෙන ඉන්න .ඉතින් බොහෝ දෙමාපියන්ට දරුවන්ව නින්දට යවනවා කියන්නේ ලොකු අභියෝගයක් වගේම බොහොම ආතති සහිත කාරණාවක් වෙලා . ඒ වගේම ක්‍රමක්‍රමයෙන් වැඩෙද්දී  නිදා ගැනීමට යෑම කියන්නේ විශේෂයෙන්ම ඔවුන්ට  ඉගැන්විය යුතු කාරණාවක් බවට පත්වෙනවා. ඉතින් අපි බලමු බබාලට නිදිකරවන්න උදව් වන  පුංචි ටිප්ස් ටිකක්.

1.නියමිත වේලාවක් තබා ගන්න.
මේක මුලින් ම පහසු නැහැ .නමුත් දිනපතා එකම වේලාවක දී දරුවාව ඇඳට ගෙනියන්නට පුරුදු කරන්න .ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන් එයට හුරු වෙනවා පසුව  නියමිත වේලාව ආවම ස්වභාවිකවම ඔවුන්ට නිදිමත එනවා .

2.රාත්‍රියට කිරි දීම දිගටම කළ යුතු ද?
බොහෝ මවුවරුන් දරුවාට බඩගිනි ඇතැයි සිතා රාත්‍රියට බෝතලයකින් කිරි පොවනවා .මින් සිදුවන්නේ නින්දට මෙන්ම දත්වලටද හානි වීමයි.ඒ නිසා දරුවා නිසිබර ඇත්නම් ළදරුවෙකු නොවේනම් නිදාගන්න ට දීමයි සුදුසු වන්නේ.

3.නින්දට පෙර පැය
මෙය වෙහෙසකර ක්‍රීඩා ආදියෙන් තොරව සන්සුන් වේලාවක් කරගන්න.

4.නින්දට සුදුසු පරිසරය
කලුවර හෝ අඩ අඳුරු පරිසරයක් සකස් කරන්න.පසුබිමින් නින්දට සුදුසු සංගීතය ක් වාදනය කරන්න.නින්දට පෙර හොදින් පිරිසුදු කර නිදන ඇඳුම් ඇන්දවීම වේලාවකට පුරුද්දක් ලෙස සිදුකරන්න.

5.සමීපම  මොහොත
දවසේ  දී ඔබ සහ දරුවා අතින් සිදුවූ සියලු ම අපහසුතාවන්, සිත් රිදවීම් අමතක කර ඔහුට , ඇයට ආදරය කරන වේලාව මෙය බව හොදින් මතක තබාගන්න.එය ආදරණීය ම සහ ඔබේ අවධානය උපරිමයෙන් ලබාදෙන මොහොතක් බවට පත්කරන්න.

6.රසවත් කතාවක් පවසන්න
සුන්දර රසවත් කතාවක් කියාදීම පුරුද්දක් ලෙස පවත්වාගන්න.ඔහුට,ඇයට ද කතාන්දරය ක් ගෙතීමේ අවස්තාවක් ලබා දෙන්න .

7.ගුඩ් නයිට් කිස්
ගුඩ් නයිට් කිස් එකකින් ,සුන්දර සිහින වලින් පිරිපුන් නින්දකට ආශීර්වාදය ලබාදෙන්න.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles