හැඩති දෙපා යුගලකට ගෙදරදීම සත්කාර..

බොහෝ කාන්තාවන් තමන්ගේ දෙපාවලට දක්වන්න දක්වන්නෙ අඩු සැලකිල්ලක්.ඒ නිසා තමයි අපට බොහෝවිට මුහුණ සුදු කකුල් කළු කාන්තාවන් හමුවන්නේ . ඔබ මුහුණට කෙ තරම් විලාසිතා කළත් වැඩක් නැහැ ,කැත පැල්ලම් සහිත,අපිරිසුදු නියපොතු සහිත පැලුනු දෙකකුල් වල හිමිකාරියක් නම් .ඒ නිසා අලංකාර දෙපා යුගලක් සදහා කළ යුතු සත්කාරයන් ගැන අපි දැනුවත් වෙමු .

මෙවැනි දෙපයක් සඳහා වඩාත් සුදුසු වන්නේ පෙඩිකිව් සත්කාරයක් .රූපලාවන්‍ය ආයතනයකින් වගේම තනිවම නිවසේ දීත් දීත් මේ සත්කාර කරගන්න පුලුවන්.

  • ළමු ව පුළුන්වල නේල් පොලිශ් රිමූ දියර ආලේප කළ පරණ කියුටෙක්ස් මකාගන්න.
  • නියපොතු කපන කටර් එකකින් පිළිවෙලකට නියපොතු කපා ගන්න.
  • නියපොතු අග සුමට කර ගන්න .
  • මද රස්නය ඇති වතුර බේසමකට බාත් සෝල්ට් මිටක් සහ ෂැම්පු ටිකක් එකතු කරන්න. විනාඩි විස්සක් පමණ දෙකකුල් එහි ඔබාගෙන සිටින්න .
  • යටිපතුලේ ඝනකම් තැන් පියුමික් ස්ටෝන් එකකින් අතුල්ලාගන්න.
  • නියපොතු අග සම්බාහනය කරන්න .
  • කපු තුවායකින් දෙපා හොඳින් පිසදමන්න .
  • මේ සමගම සමයේ සමේ තෙතමනය රැකෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. යටිපතුල් වලලුකර සහ දණහිස දක්වා හොඳින් ක්‍රීම් ගා සම්බාහනය කරන්න .
  • කකුල් පැලීම් ඇති නම් දෙහි යුෂ සහ වැස්ලින් මිශ්‍ර කර යටි පතුල්වල හොඳින් ආලේප කරන්න.
  • සමේ පැහැයට ගැළපෙන කියුටෙක්ස් වර්ගයක් ආලේප කරන්න.
  • සති දෙකකට වරක්වත් මේ සත්කාරය සිදුකරගන්න.

ඉරේෂා

Related Articles

Don't Miss


Latest Articles