පොඩිත්තන්ට රස කෑම – 5

නිවාඩු කාලෙට පුංචි පැංචන් ට රසම රස ආහාර එකතුවක්. බෙල් පෙපර් යොදාගෙන තමයි මේවා හදන්නේ..

බෙල්පෙපර් බත් සමග චීස් පිරවුම.

අවශ්‍ය දේවල්.

  • පාට වර්ග තුනකින් බෙල් බෙල්පෙපර් 6,
  • පිසගත් බාස්මතී බත් කෝප්ප දෙකක්
  • ලුණු කුඩු ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • කුඩාවට කපාගත් පාස්ලි මේස හැදි 1
  • කුඩාවට කපාගත් සුදුලූනු මේස හැදි 1

සාදන ක්‍රමය.

බෙල්පෙපර් පෙපර් සෝදා එහි උඩ කොටස පියනක් ආකාරයට කපන්න .
බාස්මතී බත් වලට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, පාස්ලි සුදු ලුණු මිශ්‍ර කරන්න . මෙම මිශ්‍රණය බෙල්පෙපර් වලට පුරවා ගා ගත් චීස් උඩින් දමන්න. අවන් එකක තබා සෙන්ටිග්‍රේඩ් 250 උෂ්ණත්වයට විනාඩි පහළොවක් බේක් කරන්න. මෙය ඉවතට ගත් පසු චිලි සෝස් ටිකක් උඩින් දමන්න. පිළිගන්වන විට මස් සමග සලාද ටිකක් තබා  බැදගත් ඉස්සන් තබා පිළිගන්වන්න .

බෙල් පෙපර් බිත්තර පිරවුම.

අවශ්‍ය ද්‍රව්‍ය- 

  • බෙල්පෙපර් පාට වර්ග තුනෙන් ගෙඩි හයක්,
  • බිත්තර කහ මද හයක් ,
  • පැප්‍රිකා කුඩු ටිකක්,
  • ලුණු කුඩු ටිකක්

සාදන ක්‍රමය

බෙල් පෙපර් ගෙඩි සෝදා උඩින් පියනක් ආකාරයට කොටසක් කපන්න. එහි මදය සහ ඇට පිහියකින් කපා ඉවත් කරන්න .දැන් මෙය අවන් එකක තබාගත හැකි තැටියක උඩ අතට සිටින ලෙස තබන්න. ඉන්පසු තැටියට  වතුර කෝප්ප දෙකක් පමණ දමන්න. බිත්තර කහමද පමණක් ගෙන එය නොකැඩෙන ලෙස බෙල්පෙපර් ඇතුළට දමන්න. බිත්තර කහමදය උඩට පැප්‍රිකා සහ ලුණු කුඩු ස්වල්පයක් ඉසින්න.සෙන්ටිග්‍රේඩ් 250 උෂ්ණත්වයට විනාඩි දහයක්  බේක් කරන්න .

 

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles