නිවාඩු කාලේ කඳුරට ඇවිදින්න යමු.

නිවාඩු කාලේ ඇවිදින්න යන්න පොඩිත්තන්ට වගේම ඔබටත් තියෙන්නේ පුදුමාකාර කැමැත්තක් බව අපි දන්නවා. මේ හදන්නේ සීතලේ සවාරියක් යන පළාත් ගැන ඔබට කියන්නයි.

නුවරඑළිය.


නුවරඑළියේ ඇවිදින්න යන ඔබට ග්‍රෙගරි  වැව, වික්ටෝරියා පාක් එක, පරණ තැපැල් ඔෆීසිය, හඳ තැන්න, සෙන්ට් ක්ලෙයා ඇල්ල, හග්ගල උද්භිද උද්‍යානය සහ අඹේවෙල ෆාම් එක ඇතුලු බොහෝ දේවල් බලන්න පුලුවන්.

ඇල්ල.

ඇල්ල සංචාරය කරන්න ගොඩක් තැන් තියන ප්‍රදේශයක්. ඇල්ල රොක්, බල්ලන්කැටුව ඇල්ල, දෙමෝදර ආරුක්කු පාලම, nine arch bridge  ඔක්කොම තියෙන්නේ ඇල්ල ප්‍රදේශයේ

 

බදුල්ල.

බදුල්ල වටේටම කඳුවලින් වට වුණු  ලස්සන පළාතක්.  බලන්න බොහොමයි. දුන්හිඳ ඇල්ල, බෝගොඩ පාලම, දෝව පන්සල, දියතලාවේ ෆොක්ස් හිල් සයිට් එක, මුතියන්ගන පන්සල ඔබට බලන්න පුලුවන්.

මාතලේ

මාතලේ   රිවස්ටන් කන්ද පිහිටලා තියෙනවා.  අලුවිහාරය, නාලන්ද ගෙඩිගේ, මුත්තු මාරි අම්මාන් කෝවිල, පිටවල පතන සහ සෙම්බුවත්ත වගේ තැන් බලන්නත් ඔබට පුලුවන්.

ඔහිය
ඔහිය  නුවර එළිය දිස්ත්‍රික්කයේ තියෙන නගරයක්. හෝටන් තැන්නට ඔහියේ ඉඳලා තියෙන්නේ පොඩි දුරක්.  ලංකාවේ උසම දිය ඇල්ල, බඹරකන්ද දිය ඇල්ලෙ සිරිය නරඹන්න ඔහියට යන චාරිකාවකදී ඔබට හැකියාව තියෙනවා. කිරිගල්පොත්ත කන්දත් තියෙන්නේ ඔහිය සමීපයේ. සීතලෙන් වට වුණු ඔහිය හරිම ලස්සන ප්‍රදේශයක්.

-නිබන්ධිකා-

 

Related Articles

Don't Miss


Latest Articles