නත්තලට මික්ස් රයිස් හදමු..

උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා. ඉතින් ඔබේ ඒ කාර්යය පහසු කරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්…..

එග්ස් ඇන්ඩ් සීෆුඩ් මික්ස් රයිස්

අවශ්‍ය දේවල්

  • බාස්මති හාල් ග්‍රෑම් 500 යි
  • දැල්ලෝ ග්‍රෑම් 250 යි
  • පොත්ත ඉවත් කළ ඉස්සන් ග්‍රෑම් 200
  • කුඩා කැබලි වලට කැපූ  හතු ග්‍රෑම් 100
  • චොප් කරගත් ලූණු ගෙඩි එකයි
  • තෙල් මේස හැඳි දෙකයි
  • සෝයා සෝස් මේස හැඳි දෙකයි
  • බීට් කරගත් බිත්තර 3
  • චොප්කල සැල්දරි මේස හැඳි එකයි
  • ලුණු ගම්මිරිස් රස පදමට

සාදන ක්‍රමය

මුලින්ම බාස්මතී හාල් දෙවරක් සෝදා වතුර පෙරා ගන්න.දැන් වතුර ලොකු ප්‍රමාණයක් ඇති භාජනයක් ලිප තබා ලිප තබා උතුරන විට එයට හාල් එක්කර මිනිත්තු පහළොවක් පමණ තබන්න.
සහල් ඇට වටේ ඉදී මැද තරමක් අමු ගතිය තිබියදී ලිපෙන් බා පෙරා ගෙන බඳුනකට දමා ගන්න.එවිට බාස්මතී හාල් ඇට වෙන් වන්නට පිස ගන්නට පුළුවන්.
දැන් පෑන් එකක් ලිප තබා  තෙල්  එකතු කර රත් වූ පසු එයට සැල්දරි, ලූනු, හතු එකතු කර බාගෙට බැදගන්න.ඉන්පසු එයට බීට්කල   බිත්තර එක ක් කළ බිත්තර එකක්ද මිශ්‍රකර එයටම දැල්ලන් සහ ඉස්සන් එකතු කර ටික වේලාවක් බැද ගන්න.

 

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles