නත්තලට කජු මිශ්‍ර චොක්ලට් කේක්.

නත්තල්  සමයේදී නැතිවම බැරි රසවත් ම ආහාරයක්  තමා කේක් කියන්නෙ. ඉතින් අප ඉදිරිපත් කරන මේ විවිධ වර්ගයේ කේක් වට්ටෝරු ඔබේ උත්සව මේසය රසවත් කරාවි.

අවශ්‍ය දේවල්

  • පාන් පිටි ග්‍රෑම් 125
  • රතු සීනි ග්‍රෑම් 150
  • කොකෝ පවුඩර් ග්‍රෑම් 50
  • බේකින් පවුඩර් තේ හැඳි බාගයක්
  • බේකින් සෝඩා තේ හැඳි කාලක්
  • ලුණු ටිකක්
  • දියකරගත් කිරි කෝප්ප භාගයක්
  • සිහින්ව කපාගත් චොක්ලට් කෝප්ප බාගයක් හෝ චොක්ලට් පතුරු කෝප්ප බාගයක්
  • එළවළු තෙල්  කෝප්ප බාගයක්

සාදන ක්‍රමය

බේකින් පවුඩර,පිටි , බේකින් සෝඩා, ලුනු කොකෝ පවුඩර් එකට දමා මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට සීනි සහ එළවළු තෙල් ටික ටික එකතු කරමින් හැන්දකින් කලවම් කරන්න. එයට කිරි වැනිලා සහ චොක්ලට් චිප්ස් සහ චොක්ලට් කැබලි එකතු කරන්න. අඟල් 8x 8 තැටියක් ගෙන තෙල් කඩදාසියක් දමා බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දමා සෙන්ටිග්‍රේඩ් එකසිය 180  උෂ්ණත්වයට විනාඩි 35  ක් බේක් කරන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles