වතුර වලින් ඔබට මේ තරම් දේවල් ලැබෙනව කියල දැනගත්තොත් ඔබ පුදුම වේවි

බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ මතක් කරල වැඩිවැඩියෙන් වතුර බොන්න පටන් ගනියි.

  1. හදවත රැකගන්න – හෘදයාබාධයක් වැළඳිමේ අවධානම 41% අඩුකරයි.
  1. බර අඩුකර ගන්න – ජලයේ මේදය, සීනි, කැලරි හෝ carbs නැති නිසා බර වැඩිවෙන්නෙ නැහැ.
  1. ශක්තිය වඩන්න – විජලනය ඔබගේ ශක්තිය අඩුකරන අතර විඩාව වැඩියෙන් දනවයි. වතුර ක්‍රියාශීලීබව වර්ධනය කරයි.
  1. ඔළුවෙ කැක්කුම නැති කරන්න – ශරීරයට අවශ්‍ය වතුර මට්ටම අඩුනම් ඔළුවේ කැක්කුම නිතරම හැදෙන්න බලනවා.
  1. සුවබර සමක් – ඔබේ සම නීරෝගීමත් කරයි. පැහැපත් වර්ණයක් සහ සුමුදු සුසිනිඳු සමක් ඔබට ලබාදෙයි.
  1. ආහාර දිරවන්න පහසු වෙන්න – උදරයේ ඇති ඇසිඩ් පාලනය කර ආහාර දිරවීම පහසු කරයි.
  1. පිළිකා අවදානම අඩුකරන්න – බඩවැළේ පිළිකා අවදානම 45% අඩුකරන අතර මුත්‍රාශය ආශ්‍රිත පිළිකා අවදානම 50% අවම කරයි.
  1. විෂ ඉවත් කරන්න – ශරීරය තුල ඇති විෂ සහ අපද්‍රව්‍ය ඉවත්කර ශරීරය ඇතුලතින් පිරිසිදු කරයි.

දැන් ඉදන් මතක් කරල යහමින් වතුර බොන්න පටන් ගන්නන. නමුත් එක පාර දවසට ඕන වතුර එකපාර බොන්න හදන්නෙ නැතිව දවස පුරා සැරෙන් සැරේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වතුර බිව්වොත් වඩාත් සාර්ථක ප්‍රථිඵල ලබාගන්න පුළුවන්.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles