රුව හැඩ කරන සහල සුවඳැල්..

රුව හැඩ කර ගැනීමේදී බාහිර ආලේපන පමණක් නොව අප ගන්නා ආහාර ඉටු කරන්නේ ඉතාමත් ම සුවිශේෂී මෙහෙයක් . සුවඳැල් කියන්නේ එවන් ආහාරයක් .

  • පාරමී පුරන මහා සංඝරත්නයට පූජා කිරීමට ඉතාමත්ම සුදුසු සහල් වර්ගය ලෙස නම් කෙරෙන්නේ සුවඳල්.
  • සියලුම රෝග නිවාරණය කිරීමේ බලයක් මේ සහල් සතුයි .එය හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කරවනවා .
  • මළබද්ධය දුරු වෙනවා .සිරුරේ බහිස්‍රාවිය ද්‍රව්‍ය වල දුර්ගන්ධය අවම කරනවා .
  • කටහඬ මිහිරි කරවීමේ ගුණයෙන් යුතු යි .
  • ග්ලූකෝස් අධික ව නොමැති නිසා තල කුරහන් මුං ඇට වැනි ධාන්‍ය වර්ග සමග කලවම් කොට කැඳ සහ තලප ආකාරයට සකසා ගැනීමෙන් කායික සහ මානසික නිරෝගීතාව ට උපරිම දායකත්වයක් ලැබෙනවා .
  • අධි රුධිර පීඩනයට හේතු කාරක වලක්වනවා .හෘද ස්පන්දන වේගය අධික නොවේ .
  • ඇස් රෝග වලට සහ ස්නායු වර්ධනයට ඉතා යහපත් .
  • වැදගත් ම කාරණය වන්නේ කෘතිම පොහොර වර්ග යොදා නොසෑදූ සහල් තෝරා ගැනීම .
  • කුඩා දරුවන්ටත් ඉතාමත් ගුණවත් ආහාරයක් .
  • රූපයේ නැවුම් බව නිරන්තරයෙන් ම ආරක්ෂා කිරීමට සමත් වෙනවා .

පුස් ගඳ ඇති අවපැහැ ගැන්වූ සහල් වලින් ඉහත ගුණයෙන් කිසිවක් ලැබෙන්නේ නැහැ. එම නිසා අලුත් මෙන් ම ස්වභාවික පොහොර භාවිතයෙන් නිපදවූ සහල් පමණක් තෝරා ගන්න .සෙම් රෝග ඇති අයට තරමක් අහිතකර නිසා වැඩිපුර ආහාරයට ගන්නා ලෙස ආයුර්වේදය පවසනවා

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles