පොඩිත්තන්ට රස කෑම- 7

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නේ ඉතාමත් නරක බලපෑමක්.ඉතිං අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්න නැති පොඩ්ඩන්ව අල්ලගන්න හොඳ උපක්‍රමයක් වේවි .පාසලට පෙර පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ වෙබ් අඩවියට පිවිස මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට දැන් හැකියාව තියෙනවා.

පතෝල කේක්.

පතෝල කියන්නේ පහසුවෙන් දිරවන ඒ වගේ ම තන්තු බහුල ආහාරයක්. ඒත් අපේ පොඩිත්තෝ නම් මේ වගේ කෑම වලට එතරම් රුචියක් දක්වන්නේ නැහැ .ඉතින් ඒකට විසඳුමක් තමයි මේ දෙන්න යන්නේ .හදලම බලලා අපිටත් කියන්න .

අවශ්‍ය දේවල්

  • පිටි කෝප්ප එකක්
  • කොකෝවා කුඩු මේස හැදි හයක්
  • සීනි කෝප්ප බාගයක්
  • බේකින් සෝඩා තේ හැඳි එකක්
  • කෝපි කුඩු තේ හැඳි එකක්
  • ලුණු ටිකක්
  • එලවලු තෙල් කෝප්ප කාලක්
  • විනාකිරි තේ හැඳි එකක්
  • වැනිලා තේ හැඳි එකක්
  • වතුර කෝප්පයක්
  • ග්‍රේට් කර යුෂ මිරිකා ගත් පතෝල කෝප්ප එකක්

චොකලට් සෝස් එක සඳහා

  • සීනි කෝප්ප භාගයක්
  • කිරි කෝප්ප භාගයක්
  • කොකෝවා කුඩු මේස හැඳි භාගයක්
  • ලුණු ටිකක්
  • වැනිලා තේ හැඳි කාලක්

මෙන්න මෙහෙමයි හදන්නේ

මුලින්ම පිටි,කොකොවා කුඩු ,බේකින් සෝඩා සහ කෝපි එකට මිශ්‍රකර  තුන්වරක් හලා බඳුනකට දමා ගන්න. එයට  සීනි් ද එක්කර හොඳින් මිශ්‍රකර මැදින් වළක් සේ සාදා එයට තෙල් විනාකිරි වැනිලා සහ වතුර එක්කර මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හැර හොඳින් බීට් කරන්න .ඉන්පසු මෙයට පතෝල යුෂ මිශ්‍රකර ,තෙල් කඩදාසියක්  එළා ගත් තැටියක දමා සෙන්ටිග්‍රේඩ් අංශක එකසිය 180  උෂ්ණත්වයට උණුසුම් කරගත් උඳුනක මිනිත්තු තිස් පහක් පමණ බේක් කරගන්න.

චොකලට් සෝස් එක සාදා ගන්නේ මෙහෙමයි .

සෝස් එක සඳහා අවශ්‍ය සියලු ද්‍රව්‍යයන් සාස්පානකට දමා කැට  නොසිටින සේ හොඳින් මිශ්‍ර කර ලිප තබා මඳ ගින්නේ  මිනිත්තු දෙකක් පමණ හැදිගාමින් උකු සෝස්  එකක් සාදා ගන්න. ඉන්පසු සෝස් එක   කැබලි වලට කපා  කේක් එක මතට  වත්කර උණුවෙන් ම කෑමට දෙන්න.

ඉරේෂා

Related Articles

Don't Miss


Latest Articles