ලිංගික ඉරිසියාව හෙවත් Morbia Jealousy

වර්තමානයේ අප දකින බොහෝ සටහන් වල ආදරය මුවාවෙන්  අනෙකාගේ නිදහස සීමා කිරීම නිතර ම දකින්නට පුළුවන්.බොහෝ දෙනා එය අර්ථ දක්වන්නෙ ආදරය ලෙසයි .නමුත් සුලු සැක කිරීම් වලින් , නිදහස සීමා කිරීම් වලින් ඉදිරියට යන්නේ කිසියම් රෝගී තත්ත්වයක් විය හැකියි . මේ චරිතය රඟදක්වන්නේ ඔබ නම් ඉන් මිදීම ඔබට වඩාත් පහසු යි. එහෙත් එය රඟදක්වන්නේ ඔබගේ සහකරු නම් ඔහුව හෝ ඇයව ඉන් මුදවා ගැනීමේ වගකීම ඔබ සතු යි.

මොනවාද මේ රෝග ලක්ෂණ..

මෙය ආරම්භයේ දී රූපයක් ලෙස සලකන්නට එපා. සමහරුන් පුරුද්දක් ලෙසත්, ආත්මාර්ථකාමී බව නිසාත් මෙවැනි හැසිරීම් රටා පෙන්වනවා .

සහකරුගේ සෑම ක්‍රියාවකට ම සම්බන්ධ වීමට යෑම.එය කාර්යාලයේ වේවා, ඉන් පිටත වේවා සියල්ලටම හොට දැමීම මේ අයගේ ලක්ෂණයක්. ඔහු ගැන සොයා බලනවා යැයි පවසමින් තමයි මෙය අරඹන්නේ .

  • ඔහු යන හැම තැන ,ඉන්නා තැන ඔප්පු කර ගැනීමට video calls ගැනීම  හෝ විවිධ ක්‍රියාමාර්ග මගින් එය තහවුරු කර ගැනීම .
  • නිතරම සැක සංකාවන් මවාගෙන කටයුතු කිරීම.
  • දුරකථනය පරීක්ෂා කිරීම .
  • ඇඳුම් පැළඳුම් ආදිය පරික්ෂා කිරීම.
  • මිතුරන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් විවිධ කාරණා විමසීම .
  • කාර්යාලයේ හෝ පුද්ගලික ජීවිතයේ ඇති මිතුරු සම්බන්ධතා ඉන් එහා ගිය සම්බන්ධතා බවට සැක කිරීම .
  • තමා නිවසේ කොටු වී ඇති බවත් ,තමන්ගේ කිසිදු වටිනාකමක් නැති බවත් නිරන්තරව සිතීම.ඒ සිතිවිලි ඔස්සේ සහකරුව පීඩාවට පත් කිරීම .
  • දරුවන් ගේ ගෙදර දොරේ වැඩ කටයුතු පැහැර හැරීම .
  • මවගේ හෝ පියාගේ වැරදි දරුවන් සමඟ පැවසීම.
  • කිසියම් විනෝද අවස්ථාවක් යෝජනා කළ විට එය කඩාකප්පල් කරමින් කටයුතු කිරීම .එසේ ම එම ගමනේදී තමා ට අවධානයක් නොදැක්වූ බව පවසමින් ප්‍රශ්න ඇති කර ගැනීම .
  • ලිංගික ජීවිතය බිඳ වැටීම.

ඉතින් බොහෝ දෙනා මෙය රෝගයක් බවට පත් වන තුරු ඉන් මිදෙන්නේ නැහැ .හේතුව එය ආදරය සමඟ පැකට් කර සමාජ ගත වීම නිසයි . මෙය විශේෂයෙන් ඇති වෙන්නේ ලිංගිකව හැසිරෙන දෙදෙනා අතර පමණක් වීම විශේෂයක්.  ඉන් පිටත මිනිසුන් මෙම සැක කිරීමට ලක් වන්නේ නැහැ .තමන්ගේ සියලු විඳවීම් වලට හේතුව  තමන්ගේ සහකරු ලෙස  සිතීම මෙහිදී ප්‍රධාන වෙනවා .බොහොමයක් කෙළවර වන්නේ දික්කසාදයකින්.ඉතින් මේ කියවන ඔබ, ඔබ දෙසට ම නැඹුරු වන්න. ඔබ තුළ හමු වන මෙවන් ලක්ෂණ හඳුනා ගන්න. තනියම  ඉවත් කිරීමට නො හැකි නම් පළමුව උපදේශන සහාය පතන්න. මේ මොහොතේම ක්‍රියාත්මක වෙන්න .

 

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles