පොඩිත්තන්ට රස කෑම -8

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ වෙබ් අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා.

පොටෙටෝ මිනි පෑන් කේක්.

 

අවශ්‍ය දේවල්.

  • තම්බාගත් අල ග්‍රෑම් 500
  • සිහින්ව ලියාගත් ලියා ගත් ලොකු ළූණු
  • බිත්තර දෙකක්
  • පිටි කෝප්ප කාලක්
  • ලුණු කුඩු රස අනුව
  • ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයක්
  • සිහින්ව ලියාගත් කරපිංචා කොළ තේ හැදි එකක්
  • සිහින් ව ලියා ගත් සුදුළූණු බික් එකක්
  • සිහින්ව ලියාගත් අමූමිරිස් කරලක්
  • කපා ගත් ළූණු කොළ මේස හැදි දෙකක්
  • ගා ගත් කැරට් මේස හැදි දෙකක්
  • බැදීමට තෙල් ටිකක්

 

සාදන ක්‍රමය.

අල පොතු ඉවත් කර  ලුණු සහ කහ දමා තම්බා පොඩි කර ගෙන එයට සිහින්ව ලියා ගත් ළූණු, පිටි, ලුණු, ගම්මිරිස්, සුදුළූණු ,අමුමිරිස්, කැරට්, බිත්තර දමා කලවම් කරන්න. අවසානයේ  ළූණු කොල එකතු කර කලවම් කරන්න .මේ විට යාන්තමට දියාරු මිශ්‍රණයක් හැදෙනවා.සාස්පානක් ලිප තබා එයට තෙල් මේස හැඳි දෙක තුනක් එකතු කරන්න යන විට අයිස්ක්රීම් ස්කූප් එකකින් තේ හැන්දකින් ටිකක් සාස්පානට දමා  තුනී කරන්න. මිනිත්තු දෙක තුනක් රන්වන් පාට වන තුරු බදින්න. ඉන්පසු අනිත් පැත්ත හරවා වැදගත් පසු තෙල් බේරෙන්නට ඒ රටවල් එකක් මත දමන්න .සෝස් සමග සමග ආහාරයට ගතහැකියි. සවස් වරුවට වගේම පාසලට යැවීමටත් සුදුසු ආහාරයක් .
කැරට් ,මඤ්ඤොක්කා ,කඩල පිටි ,බතල වැනි දේවල් මේ විදියට මේ ආකාරයට දරුවන්ට පිලි ගන්වන්න පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles