ඉවත දමන දේවල් වලින් ගෙවත්ත හැඩ කරමුද?

ලස්සන ගෙවත්තක් කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්. ඔබේ ගෙවත්ත අලංකාර ව පවත්වාගෙන යන්න මෙන්න මේ අදහස් උපකාර වෙයි .ඒ වගේම මේ සඳහා යොදා ගන්නේ ඉවතලන දේවල් කියලත් අමතක කරන්න එපා .

පරණ පුටු.

නිවසින් එළියට දමන පරණ පුටු කොච්චර තියෙනවද ? ඉතින් ඒවා ලස්සනට තීන්ත ආලේප කර පුටු ඇඳි වලින් එල්ලෙන විදියට වැල් හෝ මල් පැල  තබන්න .ඕනෑම වර්ගයක පුටුවක හැඩයට ගැලපෙන පරිදි වැල හෝ මල් පැල ඒ මත යවන්න.

පුංචි ලී කොට.

එහි මෝලකට  ගිහින් ඉවත ලන  පුංචි ලී කොට කීපයක් ඉල්ලා ගන්න .මල් පෝච්චි සදහා කදිම ආධාරකයක් වේවි .

ඉවත ලන කුස්සි ආම්පන්න.

කුස්සියෙන් ඉවත දමන කෝප්ප තේ පෝච්චි වලින් ලස්සන ලස්සන මල් බදුන් නිර්මාණය කරගන්න  පුළුවන්. ඒවා ඔක්කොම එක තැනක තබන්නත් අමතක කරන්නට එපා .

බ්ලොක් ගල්.

නිවාස සෑදීමට ගන්නා මෙම ගල් එක් එක් උසින් තබා පුංචි කඳු ගැටයක් නිර්මාණය කර ගන්න පුළුවන් .වැල් වගේ ම පාට පාට මල් පිපෙන කුඩා පඳුරු මේ මත මත වවා ගන්න .

වැහි පීලි.

වැහි පීල්ල කියන්නේ ඉතාමත් හොඳ මල් පාත්තියක් . එක දිගට පිපෙන ලස්සන පුංචි මල් පැල ක්‍රෝටන් පැල කුඩා පඳුරු කිහිපයක් ම බිම හෝ එල්ලා තබා වවා ගන්න පුළුවන් .ඒ වගේ ම ගැලපෙන  ආලේප කරන්නත් පුළුවන්.

පරණ සපත්තු.

පරණ සපත්තුවක් කියන්නෙත් හරිම ලස්සන වෙනස් පෙනුමක් තියෙන මල් පෝච්චියක් .ඔබ සතු ඉවත දමන සියලු ම සපත්තු මේ සඳහා යොදා ගන්න පුළුවන් .

 

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles