ගැබ් ගෙනදැයි දැනගන්න HCG පරීක්ෂාවක් කරන්නේ මෙහෙමයි.

පිළිසිද ගත් පසු එම යුක්තාණුව ගර්භාෂයට සවි වෙන විට මුත්‍රා වල Human chorionic gonadotropin (hcg )  නම් හෝමෝනය අඩංගු වෙනවා.මෙය ගර්භණි සමයේ පමණක් නිෂ්පාදනය වෙන හෝමෝනයක්.ගර්භනී සමයේ පළමු සති 8 සිට 10 දක්වා කාලය තුළ hcg මට්ටම සාමාන්‍යයෙන් ඉතා වේගයෙන් ඉහළ යනවා.ගර්භනීභාවයේ 10 වන සතියේදී මෙම මට්ටම් උපරිම මට්ටමට ළඟා වන අතර පසුව දරු ප්‍රසූතිය තෙක් එය ක්‍රමයෙන් පහත වැටෙනවා.

මුත්‍රා වල මෙම hcg මට්ටම හදුනාගැනීමෙන් ගර්භනී භාවය ගැන තීරණය කරන්න පුලුවන්.
මෙම පරීක්ෂණය නිවසේදි ‌මෙන්ම රසායනාගාරයක් මගින්ද සිදුකර ගන්න පුළුවන්. ඔසප් වීමට නියමිත දින පසුවී සති 1 සිට 2  ඇතුලත මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කිරීමෙන් ගර්භණීභාවය පරීක්ෂා කරගන්න පුළුවන්. නමුත් ඔබ ඔසප් දිනය වැරදියට ගණනය ප්‍රතිඵල වැරදීමට පුලුවන්.

 

ඔබ නිවසේදීම මෙම පරීක්ෂණය කරන්නේ නම් මේ ආකාරයට කර ගන්න.

  1. මේ සදහා අවශ්‍ය පරීක්ෂණ කට්ටලයක් මිල දී ගන්න.
  2. මුත්‍රා සාම්පලය ගැනීමට පෙර එම කට්ටලයේ ඇති උපදෙස් සැලකිලිමත්ව කියවන්න.
  3. මෙම පරීක්ෂණ කට්ටලය කල් ඉකුත් වී ඇතිදැයි පරීක්ෂා කරන්න.
  4. ඔබට  ඔසප් වීමට නියමිතව  දින සිට සතියකට හෝ  දෙකකට පසු පළමු උදෑසන මෙම පරීක්ෂණය කරන්න.
  5. ඔබේ මුත්‍රා සාම්පලය එකතු කිරීමට පෙර දියර වැඩි ප්‍රමාණයක් පානය කරන්න එපා.
  6.  උදෑසන අවදි වූ ගමන්ම මෙම පරීක්ෂණය  කරන්න. උදෑසන  මුත්‍රා වැඩි සාන්ද්‍රණයෙන් යුක්ත වන අතර දවසේ ඉහළම hcg මට්ටම එහි අඩංගු වෙනවා.
  7. මුත්‍රා මාර්ගය පිරිසිදු කර මුත්‍රා පිරිසිදු බඳුනකට එක් කරගන්න.
  8. මෙහිදි පරීක්ෂණ කට්ටලයේ ඇති තීරුව එහි දර්ශකය තෙක් මුත්‍රා වල ගිල්වා තත්පර පහක් පමණ සිටින්න.
  9. එය ධනාත්මක නම් තවත් රතු පැහැ රේඛාවක් පෙන්වන අතර ඍණාත්මක නම් එහි කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.

 

නමුත් ඔබ වැරදි ලෙස ඔසප් දින ගණනය කිරීම හෝ උපකරණය නිසි ලෙස භාවිතා නොකිරීම නිසා ඔබට වැරදි ප්‍රතිඵල ලැබෙන්නත් පුලුවන්. ඒ නිසා සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙක් හමු වී පරීක්ෂා කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles