කුස්සියේ රහස්..

දක්ෂ ගෘහනියකට බාහිර දැනුම හරිම වැදගත්. එදිනෙදා ජීවිතයේ ඔබව අපහසුවට පත් කරන මේ කාරණා වලට විසඳුම් කිහිපයක් රැගෙනයි අපි එන්නේ.ඉතින් අත් හදලා බලන්න .

1. පාන් නොකැඩී හීනියට කපා ගන්න.

මේක ටිකක් අමාරු වැඩක්.පාන් කුඩු හැදෙන්නෙ නැතිව කෙලින් නැතුව කපාගන්න නම් පිහිය ටිකක් රත් කරන්න .ඉක්මනින්ම රෙදි කැබැල්ලකින් පිස දමා පාන් ටික කපා ගන්න .

2. අඬන්නේ නැතුව ලූනු කපන්න.

පොඩි දෙයයි කරන්න තියෙන්නේ. උයන්න විනාඩි කිහිපයකට කලින් ලුණු ගෙඩි ටික අධි ශීතකරණයේ දමා තබන්න.

 

3. අල හෝ බිත්තර තම්බන විට.

අල හෝ බිත්තර තම්බන විට වතුරට ලුණු ටිකක් එකතු කරන්න.බිත්තර වල කටු ගලවන්නට හරිම පහසුයි .ඒ වගේම අල තැලෙන්නේ නැතිව තම්බ ගන්න පුළුවන් .

4. මැස්සො එලවන්නෙ මෙහෙමයි.

ස්ප්‍රේ කරන්න පුළුවන් බෝතලයකට මද රස්නෙ වතුර ටිකක් පුරවන්න. එයට කුරුඳු තෙල් බිංදු කීපයක් දමා මැස්සන් කුස්සියට ඇතුලු වන කවුරු වල වටේට හා දොර වටේට ස්ප්‍රේ කරන්න .

5. පිහියේ කොහොල්ලෑ  යවන්නෙ මෙහෙම යි.

කොස් දෙල් කැපුවම පිහියේ කොහොල්ලෑ යවන එක ලෙහෙසි පහසු නෑ. ඉතින් කොහොල්ලා සහිත පිහිය ලිපට අල්ලාගත් කරන්න පොල් මුඩ්ඩකින් හෝ ඝනකම් රෙදි කැබැල්ලකින් ඉක්මනින් පිස දමන්න. පහසුවෙන්ම කොහොල්ලෑ ඉවත් වෙනවා.

6. පිලී ගදට පිළියමක් 

සමහර විට කේක් පුඩින් වටලප්පන් ආදී බිත්තර යොදා හදන කෑම වල අමුතු පිළී ගඳක් එන නිසා කෑම එතරම් ප්‍රිය  නැහැ .බිත්තර ටික කඩා බෝල් එකකට දමා ගත්තට පසු පසු කහ කහමදය අයිනේ ඇති වන සුදු පාට කෑල්ල හැන්දකින් ඉවත් කරන්න පිළී ගඳක් එන්නෙම නැහැ.

7. ලස්සන රවුම් කට්ලට් එකක්.

කට්ලට් බදිනකොට කැඩිලා තෙල් ඇතුලට යන අවස්ථා තියෙනවා අපි දන්නවා .ඉතින් ඒකට කරන්න තියෙන්නෙ  පාන්කුඩු දෙපාරක්ම දවටලා බදින්න .නැත්නම්  තෙල් ටික රත්වෙන්නට තබා ලුණු ටිකක් එකතු කරන්න .කට්ලට්  නොකැඩී බැද ගන්න පුළුවන් .

8. සීනි බෝතලේ කූඹින්ගෙන් බේරා ගන්න.

කොච්චර තද කරලා වැහුවත් කූඹින්ට තියෙන්නෙ පුදුම ඉවක් .කරාබු නැටි දෙක තුනක් සීනි බෝතලයට දමන්න . කුඹි එන එක නිකංම නවතීවී.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles