මංගල දිනයට බියුටීෂියන් තෝරන්නේ කොහොමද?

හොඳම රූපලාවන්‍ය ශිල්පීන් ගැන තොරතුරු එකතු කරන්න.

ඔබට මේ ගැන තොරතුරු එකතු කරන්න පුළුවන් හොඳම ක්‍රම කීපයක්ම තියෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමට තිබෙන ස්ථාන වලින්, පවුලේ හිතවතුන්ගෙන්, වෙඩින්ග් ප්ලෑනර්ගෙන්, අන්තර්ජාලයෙන් හා සැලූන් වලින් ඔබට අවශ්‍ය තොරතුරු එකතු කර ගන්න පුළුවන්.

මංගල දිනයේ ඔබට මේකප් දමා ගැනීමට පහසු ස්ථානය තීරණය කරන්න.

ඔබට වඩාත් පහසු වන්නේ රූපලාවන්‍ය ශිල්පියාව නිවසට ගෙන්වා මේකප් දමා ගැනීමද, ඔබම සැලුන් එක වෙත ගොස් මේකප් දමා ගැනීමද යන්න හොඳින් සිතා බලන්න. නිවසටම පැමිණ මේකප් දමන රූපලාවන්‍ය ශිල්පින් ඔබට සොයා ගත හැකියි. ඔවුන්ගේ දුරකථන අංක ලබා ගන්න.

ඔබ කොණ්ඩා විලාසිතාව සකසා ගන්නෙත් රූපලාවන්‍ය ශිල්පියා ලවාමද කියා තීරණය කරන්න.

බොහෝ විට මේකප් දැමීම සහ කොණ්ඩා විලාසිතාව සැකසීම සිදු කරන්නේ එකම රූපලාවන්‍ය ශිල්පියෙකු විසින් වුවද, ඔබට අවශ්‍ය නම් කොණ්ඩා විලාසිතාව දැමීම සඳහා වෙනම ශිල්පියෙකු තෝරා ගන්න පුළුවන්.

රූපලාවන්‍ය ශිල්පීන්ගේ වෙබ්සයිට් සහ සමාජ ජාල ඉදිරිපත් කිරීම් පරික්ෂා කරන්න.

රූපලාවන්‍ය ශිල්පීන්ගේ විස්තර වෙබ්සයිට් සහ සමාජ ජාල වල තිබෙනවා. ගනුදෙනුකරුවන් ඔවුන්ගේ සේවයේ ගුණාත්මක තත්වය ගැන කෙරූ අදහස් දැක්වීම් පවා ඔබට ඒ හරහා දැක ගන්න පුළුවන්.

ඔබ තෝරා ගත් රූපලාවන්‍ය ශිල්පීන්ගේ ලිස්ට් එකක් සකසා ගන්න.

ඔබේ සිතට හොඳ යැයි සිතෙන රූපලාවන්‍ය ශිල්පීන් සහ අන් අය විසින් ඔබට යෝජනා කළ රූපලාවන්‍ය ශිල්පීන්ගේ ලැයිස්තුවක් සකසා ගන්න. ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා දී හමු වීමට යන්න.

මිල ගණන් විමසා බලන්න.

රූපලාවන්‍ය ශිල්පීන් අය කරනු ලබන මිල ගණන් ගැන විමසා බලන්න. හොඳ රූපලාවන්‍ය ශිල්පීන් තෝරා ගැනීම මෙන්ම ඔවුන්ගේ මිල ගණන් ඔබට දැරිය හැකිද යන්න පිළිබඳවත් සැලකිලිමත් වන්න. විවාහයේ අනෙකුත් වැඩ කටයුතු සඳහාත් මුදල් වෙන් කළ යුතු බැවින් ඔබට දැරිය හැකි මුදල ගැන අවධානය තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles