පොඩිත්තන්ට රස කෑම – චෙරි මාෂ්මෙලෝස්

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑම ක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .
පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා.

චෙරි මාෂ්මෙලෝස්

අවශ්‍ය දේවල්.

  • චෙරි ග්‍රෑම් 200
  • ජෙලටින් ග්‍රෑම් 20
  • සීනි කෝප්ප දෙකක්
  • වැනිලා තේ හැඳි එකක්අ
  • අයිසිං සීනි ග්‍රෑම් 100

සාදන ක්‍රමය.

පළමුව තැටියක් ගෙන එයට බටර් හෝ තෙල් ටිකක් තවරන්න.බඳුනක් ගෙන එයට සීනි සහ වතුර කෝප්ප එකක් දමා අඩු ගින්දරේ රත් කරන්න. මෙය රත් කරන විට , බුබුලු ආ විට ඊට ටික වේලාවකින් ලිපෙන් බාන්න.චෙරි සහ එහි යුෂ බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කරන්න. උණු වතුර, අඬු කෝප්ප භාගයකට දමන්න .එය හොඳින් දිය කරන්න. දැන් පළමු මිශ්‍රණයට දියකරගත් ජෙලටින් එකතු කරන්න .වැනිලා එකතු කර ටික වේලාවක් තබා විනාඩි  දහයක් පමණ බීට් කරන්න.පුළුල් ආකාරයට ගසාගත් පසු සකස් කරගත් තැටියට වත් කර පැය තුන හතරක තබා කෑලි අයිසින් සීනි වල දවටා ගන්න.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles