වූල් රෙදිවල පැල්ලම් ඉවත් කරන්නේ මෙහෙමයි..

පැල්ලම් කියන්නෙ ගෘහනියො කාටකාටත් ප්‍රශ්නයක් කියල අප දන්නවා.ඉතින් මේ කියන්නෙ වූල් රෙදිවල පැල්ලම් ඉවත් කිරීම ගැනයි.

ග්‍රීස් පැල්ලම්

උණු ජලය සහ සාමාන්‍ය රෙදි  සෝදන සබන් යොදා ගෙන ස්පොන්ජ් කැබැල්ලකින් තෙත මාත්තු කිරීමෙන් බොහෝ විට ග්‍රීස් පැල්ලම් ඉවත් වෙනවා. එහෙත් එය අදාළ රෙද්දේ දිග අතට අතුල්ලන්නට වගබලා ගන්න ඕන .

තීන්ත පැල්ලම්.

පැල්ලම් සහිත ස්ථානය රැයක්  පුරා යෝගට් වල ගිල්වා තැබීමෙන් සාමාන්‍ය තීන්ත පැල්ලම් ඊට උරාගන්නවා.අනතුරුව සාමාන්‍ය රෙදි සෝදන සබන් භාවිතයෙන් ඇල් ජලයෙන් සෝදා හරින්න .

අබ පැල්ලම්

මුලින්ම මොට්ට පිහියකින් හෝ මුවහත්  නොවන යමකින් පැල්ලම සූරා ඉවත් කළ යුතුයි. අනතුරුව dry cleaning දියර යොදා හොඳින් අතුල්ලා සෝදන්න. පැල්ලම සහිත රෙද්ද ඝණකම වැඩි නම් අතුල්ලන  අතරතුර අදාළ ස්ථානය හොඳින් පොඩි කරන්න. එහෙත් පැල්ලම ඉවත් නොවේ නම්, උරාගන්නා රෙද්දක් ,පේපර්  ටවල් එකක් වැනි යමක් භාවිතා කරමින් පැල්ලම මත හොඳින් ඇතිල්ලීමෙන් ද යහපත් ප්‍රතිඵල ලැබෙනවා .

තෙල් සහිත ඕනෑම පැල්ලමක්

සේදුම්කාරක දියරයක බහා පැල්ලම හොඳින් පෙඟෙන්නට හරින්න. යහපත් ප්‍රතිඵල ලැබෙන මුත් ඒ සඳහා වැඩි වේලාවක් ගත වෙන්නට පුළුවන්. සතුටුදායක මට්ටමකට පැල්ලම ඉවත් වුණු පසු පැල්ලම සහිත ස්ථානය අතින් අතුල්ලමින් මද උණුසුම් ජලයෙන් සෝදා හැරීම කළ යුතුයි .
-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles