ආමන්ඩ් ඇට ආහාරයට ගත්තොත් බර අඩු වෙනවාද?

  • නට්ස්  වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් .
  • ආමන්ඩ්  ඇට වල ශරීරයට අත්‍යාවශ්‍ය ලිපිඩ,විටමින් ,ප්‍රෝටීන. හා තන්තු ද ස්වල්ප වශයෙන් මැග්නීසියම් ,මැංගනීස්,කොපර් හා පොස්පරස් අඩංගු වෙනවා.

ආමන්ඩ් ඇට රොස්ට් කර හෝ අමු ආමන්ඩ් ඇට ලෙස වෙළදපලේ දක්නට ලැබෙනවා.
ඒ වගේම ආමන්ඩ් ඇට වලින් සාදන ආමන්ඩ් කිරි, ආමන්ඩ් බටර් , ආමන්ඩ් පිටි , ආමන්ඩ් තෙල් ලෙස ආමන්ඩ් ඇටය ආශ්‍රිත සෞඛ්‍ය සම්පන්න නිශ්පාදන ‍රැසක් අද වන විට හදුන්වා දීලා තිබෙනවා.

ආමන්ඩ් ඇට ආහාරයට ගතයුතු ඇයි?

1. ආමන්ඩ් ඇට වල ප්‍රතිඔක්සිකාරක  බහුලව තිබෙනවා . එමගින් ඔක්සිකාරක ආතතිය, ශරීරයේ ප්‍රතිදාහක තත්ත්වයන්( inflammatory conditions ), පිලිකා සෛල නැසීම , සෛල වයස් ගත වීම ප්‍රමාද කීරීම වැනි වාසී ආමන්ඩ් ඇට අනුභවයෙන් ලබා ගන්න පුලුවන්.

2. ආහාර අතරින් විටමින් E අඩංගු හොදම ප්‍රභවයක් ලෙස ආමන්ඩ් ඇට හදුන්වනවා.විටමින් E පැවතීම නිසා ආමන්ඩ් ඇට අනුභවයෙන් සමට නිසි පෝෂණයක් ලබා ගන්න පුලුවන්.ඒ වගේම පිළිකා සෛල වර්ධනය අඩාල කිරීමද, හෘදයේ නිරෝගී පැවැත්මටද , ඇල්සයිමර් රෝගයෙන් වැළකී සිටීම වැනි වාසි රැසක් ලබා ගන්න පුලුවන්

3. රුධිරගත සීනී මට්ටම පාලනය කල හැකි ගුණ ආමන්ඩ් ඇට වල පවතින බව සොයාගෙන තිබෙනවා . ආමන්ඩ් ඇට වල කාබෝහයිඩ්‍රේට් අඩුවීම, හිතකර ලිපිඩ, ප්‍රෝටීන  හා තන්‍තු වැඩිපුර පැවතීම නිසා දියවැඩියා රෝගීන් සදහා ඉතාමත් ගුණදායකයි.

4.ආමන්ඩ් ඇට වල මැග්නීසියම් අඩංගු බැවින් රුධිර පීඩනය යාමනයට ද දායක වනවා.

5. ආමන්ඩ් ඇට අනුභවයෙන් හෘද රෝග වලට ගොදුරු වීමේ අවධානම අඩු වෙනවා

6. මොළයේ ක්‍රියාකාරිත්වය  වැඩි දියුණු කිරීමටත් ආමන්ඩ් ඇට දායක වෙනවා

7. නිරෝගී හා දිප්තීමත් සමක් ඔබට ලබා ගන්න පුලුවන්

8. ආමන්ඩ් ඇට ඇල්කලයින් ඝනයට අයත් ආහාරයක්.එනම් ශරීරයේ ph අගය අඩු කිරීමට දායක වෙනවා.ශරීරයේ ph අගය අඩු වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා ඒ වගේම ආහාර ජිරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු වෙනවා

9. ආමන්ඩ් ඇට වලින් ලැබෙන්නාවු ප්‍රතිලාභ අතරින් ප්‍රසිද්ධම ප්‍රතිලාභය වනුයේ ශරීරයේ බර අඩු කර ගැනීමට දායක වීමයි.

ආහාර පාලනය කරන අය දෛනිකව ලබා ගත යුතු ආමන්ඩ් ඇට ප්‍රමාණය ග්‍රෑම් 30ක් පමණ වනවා

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles