දරුවා සතුටින් තියන්න ඔබ කැමති ද?

දරුවන්  සතුටින් තියන්න  සෑම  දෙමාව්පියෙක් ම වද වෙනවා . ඇත්තටම ඔවුන් සතුටට පත් වෙන්නේ කොහොමද ?

එඩ්වඩ් හැලොවෙල් කියන මානසික රෝග වෛද්‍යවරයා මෙන් ම කතුවරයා පවසන්නේ දරුවන් සතුටින් සිටින්නේ  සතුටින් සිටින හැටි ඔවුන්ට කියා දෙන ක්‍රමවේද නිසා කියලයි .
ඔබ දෙන යමක් නිසා නො වේ .නමුත් දෙමාපියන්  නිතරම හිතන්නේ දරුවන්ව සතුටින් තැබීමට රසවත් කෑම බීම, මිලාධික සෙල්ලම් බඩු මේ හැම දෙයක්ම වැය කළ යුතුයි කියලා . එහෙම නේද ?

අපේ කතා නායකයා පවසන්නේ සැබෑම සතුට එන්නේ බාහිර දේවල් වලින් නෙවෙයි අභ්‍යන්තරයෙන් කියලා .ඔහු නිකම්ම නෙවෙයි මේ දේවල් කියන්නේ .බොහොම සාංකාවෙන් , කලකිරීමෙන් ඉන්න තරුණ දරුවන් රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුව යි.

  • පළමුව ඔබේ දරුවාගේ හැඟීම් හොඳින් තේරුම් ගන්න
  • ඔහු සමග විනෝද වන්න
  • ඔහුගේ අලුත් හැකියාවන්  සොයා ගැනීමට ඔහුට උපකාර වන්න.
  • නිරෝගී ක්‍රියාකාරකම් වලට දරුවා ව හුරු කරන්න.
  • සතුටු වීමට , දුක්වීමට පිස්සු නැටීමට අවස්ථාව ලබාදෙන්න. එම අවස්ථාවන් වල වගකීම ඔබ භාරගත යුතු නැහැ .
  • ඒවා හසුරුවා ගැනීමට ඔවුන් ඉගෙන ගන්නේ එයින් .
  • අසතුටු වූ අපහසු අවස්ථා කරදරකාරි අවස්ථා උන්ගේම ක්‍රඔවුන්ගේම ක්‍රමවේදයකට විසඳා  ගැනීමට ඔවුනට අවස්ථාව ලබා දෙන්න .ඔබේ ක්‍රමවලට වඩා  ඒ ක්‍රම සාර්ථක වෙන්න පුළුවන් .
  • තමන් හැඟීම් සමඟ ගනුදෙනු කළ ආකාරය  වගේම තමන් විඳින හැඟීම් මොනවාද යයි හඳුනා ගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන්න .
  • කොළයක් පෑනක් රැගෙන ඒවා සටහන් කිරීමට දෙන්න .ඒ ඒ එක් එක් හැගීම් සමග ඔවුන් ක්‍රියා කළ ආකාරය සටහන් තැබීමට දෙන්න .
  • නිතර ම ළමයාට සවන් දෙන්න.
  • බෙදා ගැනීමට මෙන්ම අන් අයට  කාරුණිකවන්නට  ඔවුන්ට කියා දෙන්න.
  • ඔබේ දරුවා දකින මූලික ආදර්ශය ඔබ වන්න .

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles