අධිකව දහඩිය දැමීම රෝගයක් ද?

දහදිය පිට වීම මිනිසාට සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. එහෙත් අධිකව දහදිය පිටවන අය අපිට හමු වෙනවා. මෙලෙස අධිකව දහදිය දැමීම රෝගයක් ද කියා අපි සොයා බලමු.

අධිකව දහදිය දැමීම ආකාර කිහිපයකින් සිදු වෙන්නට පුළුවන්.

  • අත්ලට හා දෙපතුල්වලට.
  • හිසට.
  • මුළු ශරීරයම දහදියෙන් තෙත් වීම.

අධිකව දහදිය දමන්නේ ඇයි ?

අධික ව දහදිය දැමීමට විවිධ හේතු බලපාන්නට පුළුවන්.සමහර අයට ආරයත් බලපානවා .

  • තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍ය හෝමෝන ස්‍රාවය නිසා
  • නිදන්ගත රෝගයකින් පෙළීම නිසා
  • ආසාදන ඇති වීමෙන්
  • ආර්තවහරණයට ළඟා වීම නිසා
  • පැහැදිලිව සොයාගත නොහැකි හේතූන් නිසා

ප්‍රතිකාර මොනවා ද ?

වෛද්‍ය වරයෙකු හමු වූ පසු ආලේපන , මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ඖෂධ ලබා දෙනවා. නමුත් දිගු කාලීනව ඖෂධ ගැනීම කළ යුතු වෙන්නේ නැහැ .මේ හැර විද්‍යුත් ප්‍රතිකාර ද අවස්ථාව අනුකූලව ලබා දෙනවා.ඊට අමතරව ශරීරය ඉතාමත් පිරිසුදුව මෙන්ම වියලිව තබා ගැනීමත් වැදගත් වෙනවා. නැත්නම් දිලීර ආසාදන ඇති විය හැකියි.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles