හෙයා බොන්ඩින් එකක් කරන්න කලින් දැන ගත යුතු දේවල්..

හිසකෙස් අඩු වෙන විට, හැලෙන විට ඔබේ හිසෙහි තියෙන හිසකෙස් වල ප්‍රමාණාත්මක වැඩි වීමක් පෙන්නුම් කරන්න හෙයා බොන්ඩින් යොදා ගන්නවා.

මොකක්ද මේ හෙයා බොන්ඩින් (Hair Bonding)

හෙයා බොන්ඩින් කියන්නෙ ඔබේ හිසකෙස් වලට සමාන ස්වභාවික හෝ කෘතිම එහෙමත් නැත්නම් සින්තටික් හිසකෙස් ඔබේ හිසකෙස් වලට ගම් වර්ගයක් භාවිතයෙන් එකතු කිරීම. මේක තාවකාලික හෙයා වීවින් ක්‍රමයක්. යම් කිසි කාල පරාසයකට පමණක් මේ හෙයා බොන්ඩින් එක පාවිච්චි කරන්න පුළුවන්. හිසකෙස් වල පෙනුම ප්‍රමාණාත්මකව වර්ධනය කරගැනීමට භාවිතා කරන මේ ක්‍රමය හෙයා වීවින් වලට වඩා ප්‍රචලිතයි.
හිසකෙස් වර්ණ ගැන්වීමේදී හිස කෙස් වලට වන හානිය වලක්වා ගන්නත් මේ හෙයා බොන්ඩින් ක්‍රමය පහසුවක්. ඔබ කැමති ලෙස වර්ණ ගැන්වූ හිසකෙස් කොටස් ඔබේ හිසකෙස් අතරට සම්බන්ධ කරගත හැකි නිසා වර්ණ ගැන්වීමේදී කෙමිකල් වලින් වන හානිය වැළකෙනවා.
හෙයා බොන්ඩින් ක්‍රම දෙකක් තියෙනවා. සොෆ්ට් බොන්ඩින් සහ හාර්ඩ් බොන්ඩින්. මේ දෙකෙන් සොෆ්ට් බොන්ඩ් එක හාර්ඩ් බොන්ඩ් එකට වඩා සුමුදු සහ වඩාත් පහසු සහ නම්‍යශීලී බවක් දනවන අතර මේ සඳහා භාවිතා කරන්නේ ලේටෙක්ස් සහ ඇක්‍රිලික් පදනම් වූ අලවන ද්‍රව්‍යයි. මේ සඳහාම විශේෂිත වූ අලවන ද්‍රව්‍ය ලබාගෙන සොෆ්ට් බොන්ඩින් එකක් ගෙදරදීත් කරගන්න අපහසුවක් නැහැ.

හාඩ් බොන්ඩින් වලට හිසකෙස් ඇලවීම සඳහා පාවිච්චි කරන්නෙ ගම් අඩංගු ඇලවෙන ද්‍රව්‍යක්. හාඩ් බොන්ඩින් එකක් ඔබට සොෆ්ට් බොන්ඩින් එකක් වගේ ගෙදරදීම කරගන්න බැහැ. මේ සඳහා පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය අනිවාර්යයෙන් ලබාගන්න. සොෆ්ට් බොන්ඩ් හෙයා එක්ස්ටෙන්ශන් හැසිරවීමට පහසු උනත් හාර්ඩ් බොන්ඩ් මෙතඩ් එක වඩා වැඩි කාලයක් පවතිනවා.

හෙයා බොන්ඩින් එකකට පසු සැලකිලිමත් විය යුතු කරුණු

 

  • හෙයා බොන්ඩින් එකකට පසු හිස කෙස් බ්‍රශ් කරන්න.
  • හිසකෙස් සතියට දෙවතාවක් පමණක් සෝදන්න.
  • උණුසුම් ජලය භාවිතයෙන් වළකින්න.
  • හිසකෙස් සේදීම සඳහා සිලිකන් සහ සල්ෆේට් අඩංගු නොවන ශැම්පු වර්ගයක් භාවිතා කරන්න.
  • හිසකෙස් සේදීමේදී මුළු කොණ්ඩයම හිසමතට ගෙන කොණ්ඩය ගුලි කරමින් සේදීමෙන් වලකින්න.

    ඇඟිලි තුඩු වලින් හිස් කබලේ සිට පහලට ක්‍රමානුකූලව ශැම්පු කරන්න.

  • හෙයා බොන්ඩින් එකකට පසු දින තුන හතරක් යන තෙක් තරමක අපහසු ගතියක් දැනීම සාමාන්‍යයි. ඒ වගේම මේ එක්ස්ටෙන්ශන් වලින් දෙක තුනක කොටස් ගැලවී යාමද සාමාන්‍ය තත්ත්වයක්.
  • හෙයා අයන්ස් මඟින් කොණ්ඩය ස්ට්‍රේට් කිරීම, කර්ල් කිරීම හෝ නිතරම බ්ලෝ ඩ්‍රයි කිරීම කරන්න එපා. මේ දේවල් සතියකට වතාවක් හෝ උපරිම දෙවතාවක් පමණක් සිදු කරන්න.
  • නින්දට යාමේදී කොණ්ඩ දෙකක් වඩා තද නොවන සේ ගොතා නින්දට යන්න. කොණ්ඩය ගැට ගැසීම වැලකෙන ලෙස ඔබේ පහසුව පරිදි ගොතාගන්න.
  • පිහිනීමට යනවා නම්. හොඳින් ගැට නොහිටින ලෙස කොණ්ඩය බ්‍රශ් කර ගොතා ගුලියක් බැද හෙයා කැප් එකක් දමා පිහිනීම කරන්න. පිහිනා පැමිණි විගස කොණ්ඩය සෝදා හරින්න.

Related Articles

Don't Miss


Latest Articles