වෙනස් රසයට කෑමක් – “සෝයා මැන්චූරි”

අලුත් අලුත් කෑම වර්ග වල රස බලන්න  අපි හරිම ආසයි. ඉතින් මේ ආහාරය විශේෂ අවස්තාවකට කදිමට ගැලපෙනවා.

අවශ්‍ය දේවල්

  • සෝයා මීට් ග්‍රෑම් 150
  • ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
  • මිරිස් කුඩු තේ හැඳි දෙකක්
  • ලොකු ළූනු ග්‍රෑම් 50
  • කෑලි මිරිස් තේ හැඳි දෙකක්
  • ඉඟුරු සුදු ළූණු අඹරා මේස හැඳි දෙකක්
    පිටි ග්‍රෑම් 25ක්
  • බෙල්පෙපර් රතු කහ ග්‍රෑම් 50 බැගින්
  • තක්කාලි සෝස්  මේස හැඳි තුනක්
  • සෝයා සෝස් මේස හැඳි තුනක්
  • එළවළු තෙල් මේස හැඳි හතරක්
  • බිත්තර එකක්
  • සීනි තේ හැඳි එකක්
  • කොත්තමල්ලි කොළ තේ හැඳි දෙකක්

සාදන ආකාරය

  • සෝයා උණුවතුරට දමා ටික වේලාවක් තබා මිරිකන්න.
  • එයට මිරිස් කුඩු තේ හැඳි එකක් ඉඟුරු සුදු ළූණු මේස හැදි එකක් ගම්මිරිස් කුඩු ලුණු කුඩු දමා කලවම් කර සීසන් වීමට පැය බාගයක් තබන්න.
  • වෙනම  බඳුනක් ගෙන එයට පිටි ගම්මිරිස් කුඩු මිරිස් කුඩු බිත්තරයක් ලුණු දමා බැටරය සාදා ගන්න.
  • කලින් සීසන් කරගත් සෝයා බැටරය ට දමා ගැඹුරු තෙලේ බැද ගන්න .
  • ලොකු ළූනු බෙල්පෙපර් කුඩාවට කපන්න.
  • බඳුනක් ලිප තබා තෙල් ටිකක් දමා කුඩාවට කපා ගත් බෙල්පෙපර් සහ ලොකු ලුනු දමන්න.
  • එයට තක්කාලි ,සෝයාසෝස් ,ඉඟුරු ,සුදු ළූණු මේස හැඳි එකක් සහ කෑලි මිරිස් දමා කලවම් කරන්න .
  • ඉන්පසු විනාඩි පහක් තබා බැදගත්  සෝයා ටික එකතු කරන්න.
  • විනාඩි පහක් මද ගින්නේ තබා ලිපෙන් බා කොත්තමල්ලි කොළ ඉස රස විඳින්න.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles