සුපිරි සැමියෙක් සොයා වෙහෙස නම් කියවන්න..

මා ඇය සේමිනී කියා නමකින් හදුන්වන්නම්. එය සත්‍ය නම නෙවෙයි.අවුරුදු සතලිහක විවාහ ජීවිතය පිලිබඳ ආපස්ස හැරී බැලීමට අවුරුදු 63දී  ඇය තීරණය කර තිබුණා.ඇය පවසන්නේ අවුරුදු 40ක කාලයක් තිස්සේ තමන් කලේ ඔහුගේ හොර ඇල්ලීමට වෙහෙසවීම බවයි.කුඩා මුනුබුරු මිනිබිරිය න් දෙදෙනෙකු සිටින ඇය සිටියේ මහත් වෙහෙසකින් යුතුවයි.එමෙන්ම  සිය සැමියා විසින් පවුලේ නම්බුව නැතිකිරීම පිලිබඳ චෝදනා රැසක් සහිත මතකයන් රැසක් පමණක් මිස ජීවිතය පිලිබඳ කිසිදු මිහිරි මතකයක් විනාඩි පහක් ඇතුලත කාලයකදී මතක් කරගැනීමට ඇය අපොහොසත් වුණා. .කතාව මා එතැනින් නවත්තන්න කැමතී……..

විවාහය කියන්නෙ දිගු කාලයක් ආදරය රදවාගැනීම ගැන ලබා දුන් බලපත්‍රයක් ද?

කොහෙත්ම නැහැ.අපේ මුතුන් මිත්තන් නීතිය ඉදිරියේ විවාහ වුනේ නැති මුත් ඔවුන් ආදරයෙන් සිටියා.වෙන් වීමට අවශ්‍ය නම් නිදහසේ වෙන්වූවා.නමුත් කතෝලික ආගමේ බලපෑම මත එක ගැහැනියක් එක මිනිසෙක් ජීවිත කාලයටම යන දේව සංකල්පයක් දෙවියන් එසේයැයි සිතන මිනිසා නිර්මාණය කරනවා.සිය නීති රීති ඒ වෙනුවෙන් තදින් පනවනවා.අතීතයේ එංගලන්ත රජපවුලට දික්කසාද වූවන් වැද්ද නොගත්තේ ඒ නිසාවෙන්.ඉතින් අර කියනා සංකල්පය ට අමතරව දේපල පිලිබඳ ගැටලු ද විසදෙන බැවින් විවාහය ජනප්‍රිය තලයට පැමිණියා.

දික්කසාද වන සියලුම දෙනා විවාහකයන්….

විවාහ වන මොහොතේ ආදරයෙන් අනුරාගයෙන් බැදී සිටි අයමයි පසු කාලීනව වෙන් වන්නේත් එකිනෙකා සමග වෛරයෙන් පසුවන්නේත්.
ඒකාකාරී බව,ජීවිතයේ බර,අනෙකාගේ පාලනය කිරීම් ,පුද්ගලිකත්වය අහිමි වීම,දිගු කාලයක් එකට දිනපතා හමුවීමේදී  සුපුරුදු  වෙස්මුහුණු ගැලවීම මෙන්ම ආදරය කෙමෙන් අමතක වීම හෝ අවම වීම හෝ නැතිවීමත් වෙන්න පුලුවන් .ඒ අතර අතලොස්සක් දෙනා අවබෝධයක් සහිතව අමනාපයෙන් තොරව වෙන් වන අවස්තා ද තිබෙනවා.ඉතින් ජයටම මගුල් කා විවාහ වන කිසිවෙක් වෙන් වීමට නෙවෙයි විවාහ වන්නේ.ගැටලු ඇති වන්නේ එකට ජීවත් වන විටදීයි.
ආසියානු සමාජයේ නම් දරුවන් මෙහිදී අසරණ බවට පත්වීමට වඩාත් ඉඩ ඇතත් බටහිර සමාජයේ එසේ වන අවස්තා හරිම අවමයි.

දික්කසාද වීමට හේතු

බොහෝ හේතු තිබුනත් මා මෙහිදී කතා කරන්නේ අනියම් සම්බන්ධ තා පිලිබඳ යි.අනියම් යනු නීත්‍යානුකූල සැමියා හෝ බිරිඳ ගෙන් පරිබාහිරව වෙනත් කෙනෙකු සමග ඇති සම්බන්ධ ය ලෙස අර්ත දක්වන්නට පුලුවන්.අනෙක් හේතු වලට වඩා මෙය දරාගැනීමට බොහෝ දෙනාට හැකියාව ක් ඇත්තේ නැහැ.

අනියම් සම්බන්ධතා සාධාරණ ද? 

නීත්‍යානුකූල එකගතාවයකට පැමිණි පසු වෙනත් සම්බන්ධතා සාදා ගැනීම සාධාරණ යැයි කියන්න බැහැ.එහෙත් මේ සියලුම දෙනා පෘථජන මිනිස්සු .හැගීම් හසුරුවා ගැනීම් ගැන පුරුදු පුහුනු වූවත් නෙවෙයි.අනෙක මිනිස් හැගීම් පිලිබඳ සහතිකයක් දීමට විවාහය ට හැකියාවක් නැහැ.එකිනෙකා කෙරෙහි පවත්නා ආදරය,ගෞරවය මෙන්ම සෙවණක් පිලිබඳ හැගීම මිනිසාව පවුල ක් වෙත බැද තබනවා.නමුත් ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදු කිරීමට ද වනවා.එසේම කාලයත් සමග හැගීම් වෙනස්කම් වලට ලක්වනවා.අලුත් පුද්ගලයන් මුන ගැසෙනවා.

විවාහයක් තුළ කාන්තාවගේ කාර්යභාරය කුමක්ද ?

මෙය හරිම සංකීර්ණ ගැටලුවක් .කාන්තාවන් කුටුම්බ ජීවිතයට මහත් ප්‍රිය කරනවා.මින් ආසියානු කාන්තාව විශේෂ යි.හේතුව පිරිමියාට මෙන්ම සමාජගත වීමේ නිදහස ඇය සතුනොවන බැවින්.ඒ නිසා සැමියාවද සමාජමය නිදහස හිමි පිරිමියාවද සිය නිවස තුල ගාල් කරගනිමින් පවුලේ සේවය සදහා යොදාගැනීම ඇය අපේක්ෂා කරනවා.මා සමග ප්‍රශ්න කතා කරන අයගෙන් හතරෙන් තුනකගේම චෝදනාව වන්නේ සැමියාගෙ මිතුරු ඇසුර මෙන්ම නිවසෙ එදිනෙදා කටයුතුවලට වන දායකත්වය අවම වීමයි.එය ඇත්තටම ගැටලුවක් මුත් බොහෝ අයගෙන් විවාහය ට පෙර සැමියා කෙසේ කෙනෙක් ද කියා විමසා සිටීමේදී එම ගතිගුණ එලෙසම පිහිටා තිබූ බවත් හෙලිවුනා.එසේ නම් විවාහ
යෙන් පසු ලොකු වෙනසක් සිදු වී නැහැ.වී තිබෙන්නේ විවාහය සමග සිහිනමය සුපිරි සැමියෙක් ලබා ගැනීමේ සිහිනයක සිටි ඇයගේ සිහිනය බිද වැටීමයි.

දැන් ඉතින් වෙන කුමක් කරන්න ද න්‍යාය.

බොහෝ දෙනා ඉන්නේ මේ මතයේ.මෙය හරිම වෙහෙස ගෙන දෙන්නක්.ඒ අප යන්ත්‍ර නොවන නිසා.නමුත් මේ හැගීම දැනෙන මොහොතේ දී කුමක් හෝ වෙනසක් අවශ්‍ය බව ඔබ තේරුම් ගත යුතුම වනවා.

වෙනස දික්කසාදය ද?

පලමුවෙන්ම නැහැ.ඔබ ගියේ වැරදි පාරක නම් එය සොයා ගැනීමට නොහැකි වීමේ අපහසුව ඔබ දැන් විඳ තිබෙනවා . මේ වන විට ඇඩීම්, වැලපීම්, සාකච්ඡා ,තර්ජන කිරීම් සියල්ලම නිමාවට පත්වෙලයි තියෙන්නෙ.
දික්කසාදයට පෙර සැමියාගෙන් තොරව එකම එක වතාවක් ඔබ දෙස හැරී බැලීමක් කරන්න ට කාලය අවශ්‍ය වනවා.විවාහ ජීවිතය තුළ ඔබ වෙනුවෙන් ඔබ කලේ මොනවා ද?ඔබ කලේ වෙනත් කෙනෙකුට ඒ කියන්නෙ සැමියාට ෆෝකස් වී සිටීම පමණක් ද?වෙහෙස ක් කලකිරීමක් දැනෙන්නේ ඔබට නම් එය ඔබ තුලින් සමනය කර ගැනීම සදහා ඔබ අනුගමනය කලේ මොනවා ද යන්න මෙහිදී සිතා බැලීම කලයුතු වෙනවා.ඉන් පසු ඔබව සතුටින් තැබීමේ,ඔබව දිනවීමේ කාර්‍යය මෙන්ම ඔබේ සතුට පවුලට ගෙන යාමේ කාර්‍යය ඔබ සතුයි.පෙර දී ඔබ සිතා සිටියේ ඔබට් සතුට ජනනය කර දිය යුත්තේ සැමියා බවයි.සමහරවිට අප සුරංගනා කතාවන්ට කැමති නිසාත් වියහැකී.දැන් ජෙනරේටරයක් ඔබ සතුව ඇති බවද ඔබ තේරුම් ගනිමින් සිටිනවා.

දැන් පීනන්න පුලුවන්

දැන් ඉන්නේ දුර්වල අසරණයෙක් නෙවෙයි.ඔබ සතු හැකියාවන් හදුනාගෙන ඔබේ ශක්තියෙන් විශ්මයට පත් ගැහැනිය ක්.හැබැයි නිහතමානී වීම හරිම වැදගත් .ආඩම්බර යෙන් හිස නැමීම මිනිස් බවට ගරු කිරීම හරිම වැදගත්.දැන් ඔබ කැමති ම තීරනයක් ඔබට ගැනීමට නිදහස තිබෙනවා .එයට අත දැමීමට හැකි කිසිවෙක් නැහැ.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles