Healthy foods මෙහෙම හදමු..

නවීන පන්නයේ ආහාර පාන බොහෝවිට මිනිසා, නිරෝගීතාවයෙන්  ඈත් කිරීමට සමත්.අද සියලූම දෙනා වඩාත් ගුණදායක ආහාර පාන කෙරෙහි හරිම උනන්දුවක් දක්වනව.නමුත් ළමුන් සහ සමහර වැඩිහිටියන් තවමත් ප්‍රියතාවයක් දක්වන ආකාරයට ගුණවත් ආහාර සකසාගන්නට අපට හැකියාව තිබෙනවා .

හෙල්දි අයිස් ක්‍රීම්..

එළවළු යුෂ , කිරි, සව්, රණවරා, කරපිංචා කැඳ, පළතුරු ,මිශ්‍ර පළතුරු  ආදි ඕනෑම දෙයක් අයිස් පලම්  ලෙස සාදා ගන්නට පුළුවන් .පොප්සිකල් සාදාගන්නා  උපකරණ යක් මිලදී ගෙන එයට දියරය වත්කර සෙට් වෙන්නට තබන්න .වෙනස් රසයෙන් මෙන්ම ගුණයෙනුත් යුතු අයිස් පලම් ඔබට ලැබේවි.

හෙල්දි ස්නැක්ස්.

  • පිපිඤ්ඤා සිහින් පෙති කපා ගන්න .දැන් එහි ජලය ඉවත් වන ලෙස අවන් එකේ මිනිත්තු කිහිපයක් තමයි .ලුණු කුඩු සහ මිරිස් කුඩු ටිකක් ඉස ගත් පසු හෙල්දි ස්නැක් එකක් ඔබට ලැබෙනවා .
  • කරවිල ,කැරට් ,බතල ඇතුළු බොහෝ එළවළු වලින් මේ ස්නැක් එක සාදා ගන්නට පුළුවන් .පොඩිත්තන්ට වගේම ඔබටත් සුදුසුයි.
  • අලු කෙසෙල් ගෙඩි හොදින් පිරිසුදු කර සිහින් පෙතිවලට කපා ගන්න.එයා ෆ්‍රයර් එකේ තබා බැදගන්න.ගම්මිරිස් කුඩු,ලුණු කුඩු අවශ්‍ය නම් පමණක් ඉස ආහාරයට ගන්න.
  • වෙළඳ සැලකින් අමු රටකජු මිලදී ගන්න.ඒවා ඉතාමත් හොඳින් පිරිසිදු කර සෝදා ගන්න . ඔලිව් ඔයිල් ලුණු ලුණු අවශ්‍ය නම් මිරිස් මිරිස් කුඩු ටිකක් අතගා අවන් එකේ දමා විනාඩි 10 ක් පමණ බේක් කරගන්න .රසම රස ස්නැක් එකක්

    -චම්මි-

Related Articles

Don't Miss


Latest Articles