පොත් වසන්තය ඇවිත්

0
3662

සාහිත්‍ය මාසය ඇරඹුනා. සම්මාන උත්සව, පොත් ප්‍රදර්ශන මැද පාඨකයෝ පොත් එක්ක සංවාදයකට මග බලන් ඉන්නවා. මම දැක්කා සමහර පාඨකයන් අවුරුද්දක් තිස්සේ කැටවල මුදල් එකතු කරලා තිබුණා සාහිත්‍ය මාසයේදී පොත් ගන්න. පොත් වලට ආසා, ආදරය කරන අයගේ වගේම ලේඛකයන්ගේත් වසන්ත කාලය උදා වෙලා .

ඉතින් පොත් ගන්න මඟ බලාගෙන සිටින අයට මඟ පෙන්වීමක් විදියට මෙවර සම්මාන ලැයිස්තුවල ඉහළින්ම ඇගයීමට ලක් වුන පොත් ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න අපි හිතුවා. මේ පොත් ඔක්කොම ගිය අවුරුද්දේ ප්‍රකාශයට පත් කරපු පොත්. ඉතින් මේ අවුරුද්දේත්, තවමත් පොත් නිකුත් වනවා. අපි ඒ ගැනත් ඔබට කියන්නම්.

ස්වර්ණ පුස්තක අවසන් වටයට පොත් කිහිපයක්ම නිර්දේශ වී තිබුණා. මහින්ද මස්ඉඹුලගේ මානික්කාවත, සුනේත්‍රා රාජකරුනානායකගේ කොළඹයා සහ ෂැන්හයියා, නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆාන්ඩාල් ස්ට්‍රීට්ච, න්ද්‍රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම, ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක, සුමුදු සෙනෙවිරත්නගේ දුල්වල අලංකාරේ, එච් .බී.ගුණරත්නගේ හිතුවක්කාරී එහි ඉදිරියෙන්ම සිටියා. සමන් වික්‍රම ආරච්චිගේ අසන්ධිමිත්තා සහ කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක් ස්වර්ණ පුස්තක අතර සිටියත්, පුවත් පත්වල පළවූ නවකතා ඉවත් කිරීමට ගත් තීරණය මත ඒ පොත් වලට ඉවත් වන්න සිදුවුනා.

එසේම ගිය වසරේ ආරම්භ කල ෆෙයාවේ සම්මාන උළෙලට අසන්දිමිත්තා, අහම්බකාරක, සැප්තැම්බරයේ දිග දවසක්, ටෙනිසන් පෙරේරාගේ මහා රාවණා, එලික් ඉලයප්පාරච්චිගේ පරදේසි නිර්දේශ වී තිබෙනවා.

රාජ්‍ය සම්මාන කියන්නෙත් හැමෝගෙම අවධානයට පාත්‍ර වී තිබෙන සම්මාන උළෙලක්. කරුණා පෙරේරාගේ පාටක් නැති හෙටක්, දුල්වල අලංකාරය, අසන්ධිමිත්තා, වලාකුළු බැම්ම, පරදේසි, සැප්තැම්බරයේ දිග දවසක් යන පොත් නිර්දේශ වී තිබෙනවා.

අපි මේ සඳහන් කලේ සම්මානිත කෘතීන් ලෙස තරඟබිමට එක් රැස්වී සිටින පොත් කිහිපයක් ගැන පමණයි. මේ තරඟයේ නොසිටියත් ඉතා ඉහළ නිර්මාණාත්මක පොත් ඔබට හමු විය හැකියි. ඇත්තටම ලේඛකයාට මෙන්ම ලේඛනයටද වැදගත් වන්නේ පාඨක ඔබේ විනිශ්චයයි. ඉතින් පොත් ගන්න, රසවිඳින්න, ලොකු ආලෝකයක් ඔබේ ජිවිතයට එකතු
වේවි.

– චම්මි –