රාත්‍රී ආහාරයට සුප් එකක් – Pumpkin soup

අවශ්‍ය දේවල්:

  • වට්ටක්කා
  • කැරට් අලයක්
  • සිහින්ව ලියාගත්බී ළූණු
  • සිහින්ව ලියා ගත් සුදු ළූණු
  • ලුණු ස්වල්පයක්
  • ක්‍රිම් චීස්
  • බටර්
  • වතුර
  • පාස්ලි කොළ
  • Fresh milk

සාදාගන්නා ආකාරය:

  • වට්ටක්කා පොතු ඉවත් කර ඇට අයින් කට කොටු කපාගන්න.
  • කැරට් අලය ද කුඩා කොටු කපා ගන්න.
  • වට්ටක්කා, කැරට් භාජනයකට දමා එයට ජලය හා ලුණු එකතු කර තම්බා ගන්න
  • තැම්බුණු වට්ටක්කා හා කැරට් බ්ලෙන්ඩරයට දමා ගන්න.එයට වට්ටක්කා හා කැරට් තැම්බූ ජලය හා ක්‍රීම් චීස් ද එකතු කරන්න. හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
  • පෑන් එකක් ලිප තබා බටර් එකතු කර එයට ළූණු දමා බැද ගන්න.
  • භාජනයක් ලිප තබා බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය එකතු කරන්න. මිශ්‍රණයේ උකු ගතිය වැඩි නම් කිරි එකතු කරන්න.
  • සුප් එක උතුරන විට බැද ගත් ළූණු එකතු කරන්න.
  • බාගත් සුප් එකට පාස්ලි කොළ එකතු කරන්න

Related Articles

Don't Miss


Latest Articles