පොතක් කියවමු – පෝලා

0
767

පෝලා – ඉසබෙල් අයියන්දේ

පෝලා කියන්නේ ඉසබෙල් අයියන්දේ ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියන්න පුළුවන් .නමුත් එය  ලියැවෙන්නේ ඇයගේ දියණිය, මරණාසන්න ව වැතිර සිටින මොහොතක ,ඇයව අමතා කරන කතාවක් විලසින්.

මට ගන්න ඉතිරිවෙලා තිබුණේ තීරණ දෙකයි.” මතකය අවදිකරමින් ඉසබෙල් පවසනවා. “එක්කො,දිවිනසා ගන්න එක,එහෙම නැත්නම් ඒ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක.
ඉතාමත් ආකර්ෂණීය ආකෘතියකින්  එම නිසා ම කෘතිය ඉදිරියට ගෙන යාමට ඇය සමත් වෙනවා .

ඉසබෙල් අයියන්දේ කියන්නේ කවුද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති .ඒ වගේම නොදන්නවාත් ඇති .1942 වසරේ දී පේරු හිදී ඇය උපත ලබනවා .ඇය හැදී වැඩෙන්නේ චිලී දේශයේ. The House  of Sprits නම් වන තමන්ගේ පලමු නව කතාවෙන්ම ජනාදරය ට පාත්‍ර වන ඇය ඊට පසුව ලියූ සෑම කෘතියකින්ම සාහිත්‍ය ක්ෂේත්‍රයේ තමන්ට හිමි අනන්‍යතාව නිර්මාණය කරගැනීමට සමත්වෙනවා.

මේ පෝලා කෘතිය පිලිබඳ ප්‍රසිද්ධ පුවත්පත් හදුන්වාදෙන අයුරු.

“පෝලා මවකගේ ආලයේ අපරිමිත බවත්,මායාවෙහි ශක්තියත් ඉස්මත්තට ගෙනෙයි.
-බෆලෝ නිව්ස්-

“ඇගේ නවකතාවන්හිදී මෙන්ම අයියෙන්දේගේ මේ ස්වයං ලිඛිත චරිතාපදානය තුළද අමුතුම ජාතියේ චරිත , අද්භූත සිදුවීම් බහුලය. අයියෙන්දේම පැහැදිලි කරන්නා සේ, “මායා යථාර්ථවාදය කියන්නේ සාහිත්‍යමය මෙවලමක් නොවේ.එය මා ජීවත්වන ක්‍රමයයි.”පෝලා එය වඩාත් තහවුරු කරයි.
-ටයිම්ස් සගරාව-

ඇය කතාව ආරම්භ කරන්නේ මෙන්න මෙහෙම ..

මේ අහන්න පෝලා,මම දුවට කතාවක් කියන්නම්, එතකොට ඔයා මේ නින්දෙන් අවදිවුනාම දුවට ඒ තරම් තනිවෙලා වගේ දැනෙන එකක් නැහැ…………….

ඉන් පසු ජීවිතය ගැන ආදරය ගැන දිගහැරෙන ඇයගේ කතාව අපව අමුතුම ලෝකයකට රැගෙනයාමට සමත්වෙනවා.

ඉතින් කාන්තාවක ලෙස අම්මා කෙනෙකු ලෙස “පෝලා” ඔබ කියවිය යුතුම කතාවක්.සිංහල බසින් කියවීමට කැමති අයට විදර්ශන ප්‍රකාශන වෙතින් පෝලා ලබාගන්න ට පුලුවන් .පෝලා භද්‍රජී මහින්ද ජයතිලකගේ පරිවර්තනයක්.

-චම්මි-