බෙඩ් ටයිම් ස්ටෝරි -28

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

ඔන්න එකමත් එක ගෙදරක  කිකිළියක් බල්ලෙක් පූසෙක් ඌරෙක් සමග කිකිළි පැටව් ජීවත් වුණා. දවසක් කිකිලිට පාන් හදන්න අවශ්‍ය වුණා .කිකිළි එයාගේ  අනෙක් යහලුවන්ට කතා කළා. පාන් හැදීමට මුලින්ම තිරිඟු වගා කරන්න ඕනා .කවුද එන්නේ මාත් එක්ක තිරිඟු වගා කරන්න.කිකිළිය ඇසුවා අපි නෙවෙයි බල්ලා කිව්වා. පූසාත් එයම කිව්වා .එ විතරක් නෙවෙයි ඌරත් එයම කිව්වා.කිකිළිය තනියම වගා කලා.

කවුද අස්වනු නෙළන්න එන්නේ.කිකිළිය ඇසුවා . අපි නෙවෙයි .පූසාත් බල්ලාත් ඌරාත් එක හඬින් කිව්වා .කිකිළිය තනිවම අස්වනු නෙළුවා .දැන් අස්වැන්න කොටා ගන්න ඕන. කවුද උදව් කරන්න ඉන්නේ ….අපි නෙවෙයි නිවෙසින් හඬක් ආවා. කිකිලිය පියවරින් පියවර විවිධ වැඩ කටයුතු කරා කිසිවෙකු උදව් වෙන්නේ නැහැ .අවසානයේ දී සුවඳ හමමින් පාන්  පිච්චුනා.

සියල්ලම මේසය මත තබා කිකිලිය මෙහෙම ඇහුවා

කවුද පාං කන්න එන්නෙ ?
අපි අපි අපි
පූසා උනන්දුවෙන් කෑ ගැසුවා.
බල්ලාත් කඩිමුඩියේ නැගිට ආවා
ඌරාත් කම්මැලි නැතුව ඉදිරිපත් වුණා .

කිකිලිය හයියෙන් හිනා වුණා .බොහොම ස්තුතියි . නැතුවාට කමක් නැහැ .මටත් මගේ පැටවුන්ට ත් මේ වැඩේ තනියම කරගන්න පුළුවන්
වෙහෙස මහන්සියෙන් සෑදූ ආහාර කිකිලිය පැටවුන් සමග රස බැලුවා.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles