අධික පෑවිල්ලෙන් වකුගඩු රකින ආහාර

පෑවිල්ල සමග ශරීරය දුර්වල වනවා .ඉතාමත් ඉක්මනින් දහදිය පිට වීම, මුත්‍රා රෝග ඇතිවීම ආදිය සුලභව හමු වෙනවා.ශරීරය සාමාන්‍යයෙන් ලබා ගන්නා ජලය දහදිය ලෙස ඉක්මනින් වාෂ්ප වීම නිසා නිරන්තරයෙන් ජලය අත්‍යවශ්‍ය වෙනවා. ශරීරය ගැන ඔබ ගේ නොසලකා හැරීම සෘජුව ම වකුගඩු කෙරෙහි බලපානවා .ඒ සදහා කලයුත්තේ මොනවාද ?

  • පිරිසුදු ජලය පානය කරන්න
  • උෂ්ණාධික ආහාර ගැනීම අවම කරන්න.
  • මුත්‍රා හොඳින් පිරිසුදු කරන නීර මුල්ලිය, පොල්
  • පලා, සැවැන්දරා ,ඉලුක් මුල්  ඔසු පැන් ලෙස සාදා ගෙන පානය කරන්න.
  • නීර මුල්ලිය ,පොල් පලා මැල්ලුම් ලෙස ද ආහාරයට ගන්නට පුළුවන් .
  • කැකිරි,  පිපිඤ්ඤා ,අලුපුහුල් ,ලබු වැනි එළවළු වැඩිපුර භාවිතා කරන්න.ඒවා වකුගඩු වලට මෙන්ම වකුගඩු වල ඇති වකුගඩුවල ඇති ගල් දිය කිරීමටත් සමත් .
  • කැකිරි ඇට ඉතාමත් ගුණදායක ආහාරයක් . මුත්‍රා දැවිල්ලට ද ඉතාමත් ගුණදායකයි .ඒ වගේම මුත්‍රා ගල් දිය කිරීමටත් සමත් .
  • අක්කපාන කොල සලාදය මුත්‍රා ගල් ඇති වන මූලික අවස්ථාවේදීම එය විනාශ කර දැමීමට සමත් වෙනවා.
  • ජලය පානය කිරීමේ දී මැටි ගුරුලේත්තුවකට  දමා පානය කරන්න .
  • වියලි කලාපයේ සෑදෙන මයිල ගසේ කොළ ආහාරයට ගැනීමෙන් මුත්‍රා රෝග සුව වෙනවා.
    නිතරම පිරිසුදු පානීය ජලය බෝතලය ක් ලග තබා ගැනීමද මේ පෑවිලි කාලයේ හරිම වැදගත් වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles