පොඩිත්තන්ට රස කෑම..

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑම ක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .
පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා

අවශ්‍ය දේවල්

  • ඔලිව් තෙල්
  • සිහින්ව කපා ගත් රතු ළූනු ගෙඩි තුනක්
  • සිහින්ව කපාගත් සුදු ලූණු බික් දෙකක්
  • සිහින්ව කපාගත් සැල්දරි
  • සිහින්ව කපාගත් කැරට් අල 2 දෙකක්
  • චිකන් ස්ටොක් ලීටරයක්
  • සිහින්ව කපා රෝස්ට් කරගත් බීට්රූට් අල තුනක් පමණ
  • විනාකිරි මේස හැඳි බාගයක්
  • රස අනුව ලුණු ගම්මිරිස්

සාදන අන්දම

බඳුනකට ඔලිව් තෙල් සහ කපාගත් ළූණු දමන්න.එයට සැල්දිරි ,සුදු ලූනු සහ කැරට්  එකතුකර සුමුදු රන්වන් පැහැය එනතෙක් බැදගන්න . චිකන් ස්ටොක් සහ වතුර කෝප්ප හතරක් එයට එකතු කර හොඳින් උතුරුවා ගන්න. පසුව බීට්රූට් එකතු කර ඝන දියරයක් වනතෙක් තම්බාගන්න. පසුව එයට විනාකිරි එකතු කර රස පදමට ලුණු ගම්මිරිස් දමා උණුසුම තිබියදීම ආහාරයට දෙන්න.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles