ඔබට ලගකදී දුර travel කරන්න තියනවද? බඩු pack කරන්න කලින් කියවල බලන්න

කොහේ හරි ගමනක් යන ගමන් මොනවාහරි අමතක වුණාද  කියල හිත හිත ඉන්න තරම් වදයක් තවත් නැහැ. ගුවන් ගමනක් අතර තුරදී නම් ඔබ පත්වෙන්නේ මහත් අපහසුතාවයකට. ගෙදර අයගෙන් මේ ගැන ඔබට බොහෝ අවවාද අනුශාසනාත් ලැබිල ඇති. ඒ නිසා යන්න කලියෙන් හොඳින් සැලසුම් කරගත්තොත් හිතේ කරදරයක් නැතිව ගමනක් යන්න පුළුවන්. ඒ සඳහා පහසුම විදිය තමයි checklist එකක් හදාගන්න එක. බලන්න මේ ලැයිස්තුව ඔබට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා.

  • Flight documents (Air Ticket, Boarding pass සහ insurance ආදී අදාළ ලියකියවිලි)
  • හැඳුනම්පත් / ගුවන් ගමන් බලපත්‍රය
  • මුදල් පසුම්බිය (මතක ඇතිව මුදල් සහ credit /debit cards තියනවද බලන්න)
  • Phone සහ Laptop / Tablet වගේම ඒවාගේ Chargers සහ Headphones
  • සැහැල්ලු ඇඳුමක් / Day Change (මොනව හරි හැලුනොත් හෝ ගෑවුනොත් වගේම වැරදිලාවත් නැතිවුනොත් මෙය ඔබට පහසුවක්.)
  • ආභරණ (විශේෂයෙන්ම ඔබ ගමන් කරන්නේ තනිවම නම්, ගොඩක් වටිනා ආභරණ නොගෙනයෑම නුවණට හුරුයි)
  • Make-up and Toiletries (දිගු ගුවන් ගමනක් අවසානයේදී ඉතා ප්‍රයෝජනවත්. කෝකටත් කියල දත් බුරුසුවකුත් තිබ්බනම් ප්‍රයෝජනවත්)
  • Scarf එකක් හෝ Pashmina එකක් (උඩු ගුවන ඉතාමත් සීතල නිසා මෙය ඉතාම වැදගත් වගේම ගොඩක් දෙනාට අමතක වන දෙයක්)
  • බෙහෙත් වර්ග (විශේෂයෙන්ම ඔබේ දෛනික බෙහෙත් වගේම ආසාත්මිකතා හෝ ස්වසන අපහසුතා සඳහා වන බෙහෙත් අසුරගන්න. කෝකටත් කියල පැරසිටමෝල් පෙත්තක් තිබෙන එකත් හොඳයි)

මේ Checklist එක ඔබට කැමති අයුරින් අඩු වැඩි කරගන්න පුළුවන් වගේම ලංකාව තුළ යන සාමාන්‍ය ගමනටත් පාවිච් කරන්න පුළුවන්. එයින් ඔබ යන ගමන සැහැල්ලුවෙන් සහ සතුටින් යන්න පුළුවන්. ඊළඟ ලිපියෙන් අපි බලමු මේ ටික අසුර ගන්න හැටි.

 – කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles