පොඩිත්තන්ට රස කෑම – ඉතාලි ලෙමන් කුකීස්..

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම නරක බලපෑම ක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩන් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .

ඉතාලි ලෙමන් කුකීස්

අවශ්‍ය දේවල්

  • පිටි කෝප්ප කාලක්
  • කෝන්ෆ්ලවර් ග්‍රෑම් 50
  • ලෙමන් ගෙඩි එකක යුෂ
  • ලුණු තේ හැඳි බාගයක්
  • බටර් ග්‍රෑම් 175
  • අයිසිං සීනි ග්‍රෑම් හැටක්
  • ලෙමන් යුෂ මේස හැඳි තුනක්

සාදන ක්‍රමය 

හලා ගත් පිටි වලට ලුණු කෝන්ෆ්ලවර් කලවම් කරන්න.වෙනත් බඳුනකට සීනි බටර් එකතු කර බීට් කර ගන්න. හොඳින්  බීට් කර ගත් පසු හොඳින් බීට් කර ගත් පසු පිටි මිශ්‍රණයෙන් බාගයක් සහ ලෙමන් යුෂ එකතු කර ලී හැන්දකින් කලවම් කරන්න. එම මිශ්‍රණය ඇලෙන සුළු නම් අමතර පිටි මේස හැඳි එකක් දෙකක් එකතු කරගන්න.එම පිටි මිශ්‍රනය තෙල් කඩදාසියක දමා රෝල් කරන්න. ඉන් පසු පැයක් තබන්න.පැයකට පසු ඉවතට ගෙන අඟල් බාගයක් ඝනකමට  පෙති කපා එම පෙති වටා පිටි ඉස තැටියක තබා නැවතත් මිනිත්තු විස්සක් ශීතකරණයේ තබන්න .තබා සෙන්ටිග්‍රේඩ් 120ක උෂ්ණත්වයෙන් මිනිත්තු  දහයක් බේක් කරගන්න. උෂ්ණත්වය 180 ට වැඩි කර මිනිත්තු දහයක් නැවතත් රන්වන් පාට වනතෙක්  තෙක් බේක් කරන්න.  ඉවතට ගෙන නිවුණු පසු එම බිස්කට් මතුපිට අයිසින් සීනි සහ ලෙමන් යුෂ මිශ්‍ර කර සකස් කර ගත් ලීක්ස් මිශ්‍රණය තවරා ගන්න .

Related Articles

Don't Miss


Latest Articles