රසවත් සුප් එකක් හදමු – Cream of Potato Soup

වැහි දවසක රාත්‍රී ආහාරයට අපූරුවට ගැලපෙන Cream of Potato Soup එකක් හදන්න තමයි අපි අද ඔබට කියලා දෙන්නේ.

අවශ්‍ය දේවල්:

  • කුඩාවට කපාගත් අර්තාපල්
  • චිකන් බ්‍රොත් කප් 1
  •  තලාගත් හෝ කපාගත් ළූණු
  • බටර් මේස හැඳි 2
  • පාන් පිටි මේස හැඳි 1
  • නැවුම් එළකිරි කප් 2
  • ලූනු කොළ කප් 1/4 (කුඩාවට කපාගත්)
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:

  • තරමක් ලොකු සාස්පානක් ලිප තබා චිකන් බ්‍රොත් එයට වත් කරන්න.
  • එයට අල එක්කර හොඳින් තැම්බෙන්න හරින්න.
  • අල තැම්බුණු පසු අල වලින් 1/3ක් ඉවත් කර ඉතිරි අල, ඉතිරි තැම්බුණු අල චිකන් බ්‍රොත් සමඟ බ්ලෙන්ඩරයක් භාවිතා කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • කලින් ලිප තැබූ සාස්පානටම, බටර් සහ ලූනු එකතු කර ලූනු මැලවෙන තෙක් රත් කරගන්න.
  • එයට පිටි එකතු කර කළවම් කරන්න.
  • ඉන්පසු එයට නැවුම් එළකිරි ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • එලකිරි හොඳින් විනාඩි 2,3ක් උතුරන්න හරින්න.
  • ඉන්පසු එයට බ්ලෙන්ඩ් කරගත් අල මිශ්‍රණය සහ තැම්බූ අල එකතු කර හොඳින් කළවම් කරන්න.
  • අවසානයේ ලුණු එකතු කර සුප් මිශ්‍රණය ගනකම් වන තෙක් විනාඩි 2,3ක් තබා ලිපෙන් ඉවත් කරගන්න.
  • ලිපෙන් ඉවත් කරගත් ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප්, ලූනු කොළ සහ ගම්මිරිස් කුඩු උඩින් ඉස උණු උණුවේ පිළිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles