බෙඩ් ටයිම් ස්ටෝරි – 29

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි..කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

මහදැන මුත්තාටගෝලයෝ කිහිප දෙනෙක්ම හිටියා .
පුවක් බඩිල්ලා , රබ්බඩ අයියා කෝටු කිතයියා, ඉඳිකටු පැංචා තමා ඒ අය.දවසක් මෙයාල දුර ගමනක් ගියා. ගමන ගියේ ගඟක් හරහා ඔරුවකින්. නමුත් එනකොට රෑ බෝවී තිබූ නිසා ඔරුව  තිබුණෙ නැහැ .ඒ නිසා ගඟ තරණය කිරීමට මහදැනමුත්තා තීරණය කළා .

ඒත් ඊට කලින් කළ යුතු වැඩ ගොඩක් තිබෙනවා. මුලින්ම අපි බලන්න ඕනේ ගඟ නිදිද කියලා මහදැන මුත්තා කිව්වා .

එයා රබ්බඩ අයියට කිව්වා ගිහින් ගඟ නිදිද බලාගෙන ඉන්න කියලා  .

තමන්ට පැවරූ කාර්යය හරියටම කිරීමේ බලාපොරොත්තුවෙන් රබ්බඩ අයියා හුළු අත්තකුත් පත්තු කරගෙන ගඟ අසලට ගියා .ගඟ ඔයා නිදි ද ?එයා හෙමින් ඇහුවා .ගඟේ කිසිම සද්දයක් නැහැ .බොරුවට නිදි වගේ ඉන්නවද දන්නේ නැහැ .එහෙම හිතපු රබ්බඩ අයියා තමන්ගේ අතේ තිබුණු  හුලු අත්ත ගඟට එබුවා . හඬක් පිට කරමින් හුලු අත්ත  නිවී ගියා.

රබ්බඩ අයියා කෑ ගසමින් මහදැන මුත්තා ළඟට දිව ආවා.ගඟ ඇහැරිලා ගඟ ඇහැරිලා.අපි යන්තම් බේරුනා .ඒ සිද්ධිය විස්තර කරමින් රබ්බඩ අයියා කෑගැසුවා.ඉතිං ගඟට නින්ද යනකම් ගඟ තරණය තරණය නොකර ඉන්නට එයාලා හිතුවා .

තමන්ගෙ බුද්ධිමත් කම නිසා සියලුමදෙනා  ගැලවුණු බව  බවට මහදැනමුත්තා ගෝලයන්ට පැවසුවා .
-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles