ආදරය උතුරන මවුපිය සම්බන්ධතාවය දරුවාට ඔහුගේ ළමා කාලය අහිමි කරවන්නක්ද ?

ළමයින් ගැන වදවෙන එක තමන්ගේ ජිවිතේ ප්‍රධානම කාර්යය කියලා අපේ සමහර දෙමවුපියෝ හිතනවා. මවු පියවරුන් එකිනෙකා හමුවුනාම කතාකරන ප්‍රධාන මාතෘකාව වන්නේ තමන්ගේ දරුවන්ගේ අඩුපාඩු පසුගාමී ස්වභාවය ආදී දේවල් ගැන. ඒ වුනාට ඇමරිකානු මනෝ විද්‍යාඥ මහාචාර්ය ඇලිසන් පෙන්වා දෙන්නේ දරුවන් ගැන අම්මලා තාත්තලා ඕනෑවට වඩා වදවිය යුතු බවත්, දරුවන්ට නිදහසේ හැදෙන්න වැඩෙන්නට ඉඩදිය යුතු බවත් වනවා.

”මවුපිය ධුරාවලිය ආදරය උතුරා යන ක්‍රියාවලියක්. ඒ වගේම ඉතාම වගකීම් සහිත දෙයක්. හැබැයි වර්තමානයේ එය කළමනාකරණ සැලසුම්කරණයටත් අදාළ ක්‍රියාවක්.” යයි ඇය පවසනවා.

අතීතයේදී මවුපියන් කල්පනා කලේ දරුවන් මාපියන්ට ඕනෑ ලෙස වෙනස් කර හැදියයුතු බවයි.එහෙත් එය නිවැරදි දැක්මක් නොවන බවයි මහාචාර්යවරිය පවසන්නේ. දරුවන්ට තීරණ ගැනීමේ නිදහස වැඩියෙන් ලබා දිය යුතු අතර එවැනි පසුබිමක් යටතේ ඔවුන් ඉතා හොඳ තත්වයකට වර්ධනය වනබව ඇය පවසනවා. මවුපියන් වඩුවන් වියයුතු නැහැ. ඔවුන් හැසිරිය යුත්තේ උද්‍යාන පාලකයකු ලෙසයි.

උද්‍යාන කරුවෙකු ගසකට සාත්තු කරනවා. බීජ හෝ පැල සිටුවනවා. එය ලොකු වෙනතුරු ආදරයෙන් රැක බලා ගන්නවා. එයට නිදහසේ වැඩෙන්නට දෙනවා. වැල යන පැත්තට මැස්ස ගහනවා. නිවැරදි මවුපියන් හැසිරිය යුත්තේ උද්‍යාන කරුවන් ලෙස බව ඇය පවසන්නේ ඒ නිසයි. ඇය මේ සියල්ල පවසන්නේ නිකම්ම නොවෙයි. දිගු කාලින අධ්‍යනයක ප්‍රතිපලයක් ලෙස වීම විශේෂයක්.

එහෙමනම් ආදරණිය දෙමවුපියන් ලෙසට ඔබ වඩුවෙකු ද උද්‍යාන පාලකයකු ද කියා හඳුනාගෙන දරුවාට ගැලපෙන ලෙස ඔබේ මතිමතාන්තර වෙනස් කරගැනීමේ තීරණයක් ගැනීමට කාලය දැන් ඇවිත්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles